Breaking News

කෙහෙළියගේ කැබිනට් ගොනුවල බාල බෙහෙත් ගැන තොරතුරු අතුරුදහන්

ඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අමාත්‍ය කාර්යාලයේ තිබී බාරයට ගත් කැබිනට් සංදේශවල කිසිඳු කාර්ය සටහනක් ඇතුලත් නොවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරඇතැයි වාර්තා වේ.

කෙහෙළිය රඹුක්වැල්ලගේ කාර්යාලයේ තිබී රහස් පොලිස් බාරයට ගත් අනෙකුත් කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල සාමාන්‍ය අන්දමට කාර්ය සටහන් යොදා ඇතත් බාල බෙහෙත් ගනුදෙනුවට අදාළ කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල කිසිඳු කාර්ය සටහනක් නොමැති වීම විමතියට කරුණකි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අමාත්‍ය කාර්යාලයේ තිබී රහස් පොලිස් බාරයට ගත් 2022 මැයි 30, 2022 සැප්තැම්බර් 27, 2022 ඔක්තෝම්බර් 25 සහ 2022 දෙසැම්බර් 05 වැනිදා නමින් යුත් කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල කිසිඳු කාර්ය සටහනක් නොමැති බවද වාර්තා වේ.

මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල මීට පෙර අවස්ථාවක අධිකරණයේ කැඳවනනු ලැබු අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් සෞඛ්‍ය රාජ්‍ය අමාතංශයේ ඇති කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනු රහස් පොලිසියට බාරදීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අමාත්‍යංශ ලේකම් සමන් රත්නායකට කළ නියෝගයකට අනුව අදාළ කැබිනට් සංදේශ රහස් පොලිසියට බාරදී තිබිණී.

එලෙස බාරදුන් කැබිනට් සංදේශවල කිසිඳු කාර්්‍ය සටහනක් අඩංගුවී නොමැති බව හෙළි වීම නිසා රහස් පොලිසිය මේ සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇත.

 

leave a reply