නව ආණ්ඩුවත් ජනසංහාරික ඊශ්‍රායලය වෙත ශ්‍රමිකයන් සැපයීමේ ප්‍රතිපත්තියක

රනිල් වික්‍රමසිංහ පාලනය අනුව යමින් නව ආණ්ඩුවද ඊශ්‍රායල රැකියා සඳහා ශ්‍රමිකයන් යැවීම තවදුරටත් කිරීමට තීරණය කර තිබේ.

ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ 5 වන කණ්ඩායමට අයත් රැකියා ලාභීන් 177 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම ඊයේ (16) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩබලන සභාපති ජානක අධිකාරී මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදුකෙරුණි.

ගාසා තිරය තුළ සිදුකරන මහා විනාශය හේතුවෙන් බොහෝ රටවල්වල විරෝධතා පැන නැග ඇත්තේ ඊශ්‍රායලය සමඟ සබදතා නවතා දමන ලෙස ඉල්ලමිනි. ලෝකයේ බොහෝ පිරිසක් ඊශ්‍රායල භාණ්ඩ වර්ජනයකද නිරත වෙමින් සිටියි.

මේ අතර වර්තමාන ආණ්ඩුව ඊශ්‍රායල රැකියා සඳහා ශ්‍රමිකයන් යැවීම සිදුකරමින් සිටියි. රජය මැදිහත්වීමෙන් ඊශ්‍රායල රැකියා සඳහා යැවීම දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක් දියත් වූවේ පසුගිය ආණ්ඩු සමයේදීයි.

මේ පිළිබඳ එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් ඇමති බිමල් රත්නායක පවසා තිබුනේ රටවල් කිහිපයක් ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා පවත්වාගෙන යන ආකාරයටම, ශ්‍රී ලංකාව ද සබඳතා පවත්වන බවයි.

ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම නවත්වුවහොත් එය රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇති බව ඔහු පැවසීය.

විශේෂත්වය වන්නේ ලංකාවේ පලස්තීන සහයෝගීතා ව්‍යාපාරයේ සභාපතිවරයා වන්නේද බිමල් රත්නායකයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...