උතුරට ආරාධනා කරන්න යන ආකාරය ගැන අනුර විශ්‍රාමික හමුදා නිලධාරින්ට කියයි

රට ගොඩනැගීමට උතුරේ ජනතාවට ආරාධනා කළ යුත්තේ බලය බෙදන විසඳුම් ගැන කියා නොව එකට එක්වී සටන් කර පවතින ව්‍යසනයෙන්

මිදීමට බව ජාතික ජන බලවේගයේ නායකයා ත්‍රිවිධ හමුදා නිලධාරින්ට ප්‍රකාශ කර තිබේ.

“අපි උතුරේ ජනතාවට ආරාධනා කළ යුත්තේ 13 දෙන්නම් කියලා නොවෙයි, ෆෙඩරල් දෙන්නම් කියලා නොවෙයි. මේ ව්‍යසනයෙන් මිදීම සඳහා අපි එකතු වී සටන් කරමු කියලයි.” අනුර කුමාර දිසානායක පසුගිය 27 වෙනි දින මාතරදී පවත්වන ලද එම දිස්ත්‍රික්කයේ අදිටන ත්‍රිවිධ හමුදා සාමුහිකයේ සමුළුව අමතමින් කියා සිටියේය.

ඉන්දීය පාලකයන් ජාතික ඒකාග්‍රාතාවක් ඇති කර ජාතිය එකට නැගී සිටවන ඉතිහාසයක් ලියන විට මෙරට ජනයාට ගැටුම්කාරී ඉතිහාසයක් ගැන ලියන්නට සිදුව ඇති බව ද ඔහු සඳහන් කළේය.

“පුරවැසි පනත ගෙනත් කඳුකරයේ ජනතාව රටක් නැති තත්වයට පත් කළාම දෙමළ රාජ්‍ය පක්ෂය නිර්මාණය කරන්න චෙල්වනායගම් මහත්තයා ඉදිරිපත් වුණා. 1956 සිට භාෂා ප්‍රශ්නයක් ඇද ගැනීමෙන් 58 වෙනකොට සිංහල, දෙමළ කෝළාහලයක් ආවා. ශ්‍රී අකුරේ කළුතෙල් ගාන්න පටන් ගත්තා. 1970 මැද වෙනකොට උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ වෙනවා. 2009 යුද්ධය ඉවර කළත් 2019 පාස්කු ප්‍රහාරය එල්ල කරනවා. අපේ පාලකයෝ නිර්මාණය කළේ ගැටුම් ඉතිහාසයක් වුණත් ඉන්දියාවේ පාලකයෝ නිර්මාණය කළේ ඒකාග්‍රතාවයක්. ජාතිය එකට නැගී සිටවන ඉතිහාසයක් ඔවුන් ලියන කොට, ගැටුම්කාරී ඉතිහාසයක් අපිට ලියන්න සිදුවී තිබෙනවා.”

ලෝකයේ රාජ්‍යයන් විසිවැනි සියවසේ දැවැන්ත දියුණුවක් කරා යන අතර, මෙරට සියවස අත්හැර දැමු බව පෙන්වා දෙන අනුර කුමාර දිසානායක ලෝකයේ ඇතිවී තිබෙන නූතනත්වයට ගැලපෙන ශ්‍රී ලංකාවක් ගොඩනැඟිය යුතු යැයි අවදාරණය කළේය.

ඒ සඳහා හුදු ආණ්ඩු මාරුවක් වෙනුවට නව පරිවර්තනීය යුගයකට රට ගෙනයන නව පාලනයක් මෙන්ම ඒ වෙනුවෙන් ජාතිය යළි අවදි කර ජාතිය ඒකාබද්ධතාවයකට යා යුතු බවයි ඔහු යෝජනා කරන්නේ.

නව පුනරුද යුගයකට බලයේ සුක්කානම ජන බලවේගය අතට ගත යුතු බවත් ඉන් පසුව ආරම්භ වන්නේ ප්‍රශ්න විසඳීම මිස අවසානය නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අවධාරණය කළේය.

උපුටා ගැනීම – the leader

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...