අවුරුදු 5ක් ඉඳලා විශ්‍රාම වැටුප් ගන්න අය රාජ්‍ය සේවකයාගේ විශ්‍රාමය කපන්න යෝජනා ගෙනත්

රාජ්‍ය විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට වූ යෝජනාවක් යහපත් රාජ්‍යකරණය පිළිබඳ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර ඇතැයි කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි ද ඔහු පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසුවේ,

” රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහෝසි කර දායකත්ව විශ්‍රාම වැටුපකට යා යුතු බවටයි ඔවුන් යෝජනා කරන්නේ. ඒ වගේම අවුරුදු පහට වඩා වැඩි සේවා කාලයක් ඇති රාජ්‍ය සේවකයන් සේවක කාර්යක්ෂමතාව නෑ කියලා විශ්‍රාම ගැන්විය යුතු බවටත් ඔවුන් යෝජනා කරනවා. ඒ වගේම යෝජනා කරලා තියෙනවා දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදල දේශීය සහ විදේශීය ආයෝජනය කළ හැකි ලෙස සකස් කළයුතු බවටයි. ඒක ඉතාමත්ම අවදානම් වැඩක්. මේගොල්ලෝ ආයෝජනය කරන තැන පාඩු වුනොත් සේවකයන්ට මුකුත්ම නැහැ. රාජ්‍ය සේවකයන්ට ඇති නිවාඩු දින හතළිස් පහ විසිපහ දක්වා අඩුකළ යුතු බවටත් ඔවුන් යෝජනා කර තිබෙනවා. මේවා ඔක්කොම යෝජනා කරන්නේ රටේ වැඩිහිටි ජනගහනය වැඩියෙන්ම ඉන්න වෙලාවක. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප කපන්න යෝජනා කරන අය පාර්ලිමේන්තුවේ අවුරුදු පහකට පසු විශ්‍රාම වැටුප ගන්නවා. ”

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...