අවුරුදු 5ක් ඉඳලා විශ්‍රාම වැටුප් ගන්න අය රාජ්‍ය සේවකයාගේ විශ්‍රාමය කපන්න යෝජනා ගෙනත්

රාජ්‍ය විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට වූ යෝජනාවක් යහපත් රාජ්‍යකරණය පිළිබඳ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර ඇතැයි කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි ද ඔහු පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසුවේ,

” රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහෝසි කර දායකත්ව විශ්‍රාම වැටුපකට යා යුතු බවටයි ඔවුන් යෝජනා කරන්නේ. ඒ වගේම අවුරුදු පහට වඩා වැඩි සේවා කාලයක් ඇති රාජ්‍ය සේවකයන් සේවක කාර්යක්ෂමතාව නෑ කියලා විශ්‍රාම ගැන්විය යුතු බවටත් ඔවුන් යෝජනා කරනවා. ඒ වගේම යෝජනා කරලා තියෙනවා දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදල දේශීය සහ විදේශීය ආයෝජනය කළ හැකි ලෙස සකස් කළයුතු බවටයි. ඒක ඉතාමත්ම අවදානම් වැඩක්. මේගොල්ලෝ ආයෝජනය කරන තැන පාඩු වුනොත් සේවකයන්ට මුකුත්ම නැහැ. රාජ්‍ය සේවකයන්ට ඇති නිවාඩු දින හතළිස් පහ විසිපහ දක්වා අඩුකළ යුතු බවටත් ඔවුන් යෝජනා කර තිබෙනවා. මේවා ඔක්කොම යෝජනා කරන්නේ රටේ වැඩිහිටි ජනගහනය වැඩියෙන්ම ඉන්න වෙලාවක. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප කපන්න යෝජනා කරන අය පාර්ලිමේන්තුවේ අවුරුදු පහකට පසු විශ්‍රාම වැටුප ගන්නවා. ”

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...