විදුලි සේවක වර්ජනය තවදුරටත්

ලංකා විදුලිබල මණ්ඩල සේවකයන් වර්ජණය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර තිබේ. එහි වෘත්තීය සමිති පවසා ඇත්තේ
මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු පිහිටුවන ලද නව රාජ්‍ය සමාගම් හයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් තම වෘත්තීය සමිති විසිපහක් ඔවුන්ගේ කාර්මික ක්‍රියාමාර්ගය දිගටම කරගෙන යාමට තීරණය කර ඇති බවයි.

ලංවිම තාක්ෂණික ඉංජිනේරුවන් සහ අධිකාරීවරුන්ගේ සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ අලුතින් පිහිටුවන ලද සමාගම් හතරක සභාපතිවරුන් සමඟ අද පැවති සාකච්ඡාවලදී වෘත්තීය සමිතිවල ගැටළු විසඳීමට අසමත් වූ බවයි.

මෙම වර්ජනය ඊයේ (9) පස්වරු 3.00ට ආරම්භ වී අද (10) පස්වරු 3.00 දක්වා ක්‍රියාත්මක වන අතර සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් නොලැබුණහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවත් දැඩි කරමින් සියලු‍ සේවකයින් සේවයෙන් ඉවත් කරගන්නා බව ලංකා විදුලි බල මණ්ඩල ජාතික සේවක සංගමය රජයට අනතුරු අඟවා තිබුණි.

සියලුම නඩත්තු කටයුතු සහ සේවාවන්වලින් ඉවත්වීමට විදුලි සේවකයන් තීරණය කර තිබේ.

නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ සේවක අයිතිවාසිකම් සහ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ අවිනිශ්චිතතාවය වර්ජනයට ප්‍රධාන හේතුව බව විදුලි සේවකයන් පවසයි. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව ස්ථාපිත කරන ලද නව ආයතන වෙත සේවකයින් අනුයක්ත කිරීමේදී ක්‍රමවත් පත්වීම් ලිපි ලබා නොදීම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.

මේ අතර වැලිගම, නෙළුව, කැලණිය සහ නුවර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකින් විදුලි බිඳවැටීම් වාර්තා වී තිබේ.

පසුගියදා වාර්තා වූවේ විදුලි බල මණ්ඩලය ප්‍රතිවියුහගතකිරීමේදී ස්ව කැමැත්තෙන් ඉවත්වීමට ඉල්ලුම් කරන සේවකයන්ට ලබාදීමට නියමිත වන්දි මුදල විදුලි බිලට එකතු කිරීමේ සූදානමක් ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...