පොලිසිය විසින් ඝාතනය කළ අරුල් පයාස්ට යුක්තිය ඉල්ලා විරෝධතාවයක්

2026 පෙබරවාරි 10 වන දින යාපනයේ අල්ලයිපිඩ්ඩි හි කයිට්ස් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලද 17 හැවිරිදි ඇල්බිනෝ අරුල්පියස් දරුවා වෙනුවෙන් යුක්තිය ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ පවුලේ සාමාජිකයන් විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් යාපනයේ කයිට්ස් පොලිස් ස්ථානය ඉදිරිපිට පැවැත්විණි.

සිද්ධියෙන් මාසයක් සපිරෙන විට, විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ ඝාතනයට වගකිව යුතු අය වහාම අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙසයි. විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වන ලෙසත්, වගවීම සහතික කරන ලෙසත්, පොලිස් කෲරත්වය අවසන් කරන ලෙසත් විරෝධතාකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

පොලිසිය සඳහන් කළ ආකාරයට අරුල් පයාස් මිය යන්නේ අණ නොතකා ධාවනය කළ වාහනයකට වෙඩි තැබීමෙනි. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වුණේ ඔහු 18 හැවිරිදි බවයි. මෙය පොලිසිය විසින් පරීක්ෂණ නොමග යැවීම සඳහා නිර්මාණය කරන ලද බොරුවක් බව අරුල් පයාස්ගේ ඥාතීන් පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...