පොලිසිය විසින් ඝාතනය කළ අරුල් පයාස්ට යුක්තිය ඉල්ලා විරෝධතාවයක්

2026 පෙබරවාරි 10 වන දින යාපනයේ අල්ලයිපිඩ්ඩි හි කයිට්ස් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලද 17 හැවිරිදි ඇල්බිනෝ අරුල්පියස් දරුවා වෙනුවෙන් යුක්තිය ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ පවුලේ සාමාජිකයන් විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් යාපනයේ කයිට්ස් පොලිස් ස්ථානය ඉදිරිපිට පැවැත්විණි.

සිද්ධියෙන් මාසයක් සපිරෙන විට, විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ ඝාතනයට වගකිව යුතු අය වහාම අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙසයි. විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වන ලෙසත්, වගවීම සහතික කරන ලෙසත්, පොලිස් කෲරත්වය අවසන් කරන ලෙසත් විරෝධතාකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

පොලිසිය සඳහන් කළ ආකාරයට අරුල් පයාස් මිය යන්නේ අණ නොතකා ධාවනය කළ වාහනයකට වෙඩි තැබීමෙනි. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වුණේ ඔහු 18 හැවිරිදි බවයි. මෙය පොලිසිය විසින් පරීක්ෂණ නොමග යැවීම සඳහා නිර්මාණය කරන ලද බොරුවක් බව අරුල් පයාස්ගේ ඥාතීන් පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...