පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් නොකර චැනල් 4 පට්ට ගැසීමෙන් ඇති ඵලක් නැත.

චැනල් 4 නාලිකාව විකාශනය කළ වාර්තා වැඩසටහන තුළ ගැබ් වූ කරුණු සහ හෙළිදරව් පිළිබඳව එක එක පාර්ශවයන් තමන්ගේ ගැලවීම උදෙසා වූ ප්‍රකාශ නිකුත් කරන්නට පටන්ගෙන තිබේ . ඒ අතර විචාරයකින් තොරව රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටින පාර්ශව පාරට බස සිටියි . නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 6 වෙනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ චැනල් 4 නාලිකාව රාජපක්ෂලා සමග බද්ධ වෛරයකින් පසුවෙන හෙයින් කලින් කලට රාජපක්ෂලාට මඩ ගැසීමට චිත්‍රපට නිර්මාණය කරන බවයි.

2019 අප්‍රියෙල් මාසයේ සිදුකළ මේ ම්ලේච්ඡ ප්‍රහාරයට වසර හතරක් ගතවී තිබෙන මොහොතක තමයි චැනල් 4 නාලිකාව මේ සම්බන්ධ කරුණු හෙළිදරව් කරමින් යළි පාස්කු ප්‍රහාරයේ මතකය අවදි කරමින් ශ්‍රී ලාංකීය සමාජය ට සාධාරණයක් ඉටු නොවුණු ප්‍රශ්නයක් යට ගිහින් තිබෙන බව මතක් කර දෙන්නේ.

චැනල් 4 නාලිකාව මගින් හෙළිදරව් කළ කරුණු සත්‍ය හෝ අසත්‍ය හෝ වේවා අප මතක් කර ගත යුත්තේ මේ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් නීතිමය සාධාරණයක් ඉෂ්ඨ වී නොමැති බවයි. මේ ගෙවුණු කාලය තුළ යහපාලන ආණ්ඩුව වගේම,රාජපක්ෂලාගේ පාලන කාලයක්ද,රාජපක්ෂලා සහ රනිල් එක්ව ගෙවන පාලන කාලයක් ද ගෙවී යමින් පවතින බව අප අමතක කළ යුතු නොවේ.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කරනවා වෙනුවට මේ සියලු ආණ්ඩු සිද්ධ කළේ මේ ප්‍රශ්නය යට ගැසීමට කටයුතු කිරීමයි. ඒ හේතුවම තමයි විදෙස් මාධ්‍යයට මේ ප්‍රශ්නය නැවතත් මතු කර වැඩසටහනක් නිර්මාණය කරන්න අවසන් නිර්මාණය කරන්නේ.

රාජපක්ෂලා තමන් අතින් ගිලිහුණු බලය යළි ලබා ගැනීම සඳහා 2019 අප්‍රියල් පාස්කු ප්‍රහාරය සෘජුව හෝ වක්‍රව සැලසුම් කළ බවට ජන මනස තුල මතයක් නිර්මාණය වුණේ මේ සිදුවීම සිදුවී බොහෝ කලකට පසුව නෙමෙයි ඒ මොහොතේ දීමයි. මේ සිදුවීම ආසන්න යේදීමත්, ඉන්පසුවත් රාජපක්ෂලාට මෙහි වරදක් පැටවෙන බව සමාජය කසුකුසු ගාමින් තිබුනා. නමුත් රාජපක්ෂලා මේ සිදුවීමෙන් නිදොස් නම් ඔවුන්ට තමන් රාජ්‍ය බලය ලබා ගත් මොහොතේ දී පාස්කු ප්‍රහාරයට අදාළ චූදිතයන් නීතිය හමුවට පමුණුවා එහි වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කර දීමට කාලය තිබුණි. කෙසේ වෙතත් ඔවුන් ඒ කාලය මඟහැර ගොස් හෙළිදරව්වට එරෙහිව කරුණු ගෙන හැර පෑම ශිෂ්ට සම්පන්න නොවේ. රාජපක්ෂලා මේ සිදුවීමෙන් නිදොස් නම් දැනටත් පවතින්නේ ඔවුන්ගේ බලය සහිත ආණ්ඩුවක් බැවින් ඔවුන්ට මීට නීතියෙන් පිළිතුරු ලබා දීමේ හැකියාව තවදුරටත් ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නිරවුල් පරීක්ෂණයක් කර 2019 ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා හෙළිදරව් කිරීමෙන් තොරව රාජපක්ෂට හෝ යහපාලන ආන්ඩුවේ කිසිවෙකුටත් එහි වරදින් ගැලවී සිටිය නොහැකිය .

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...