ගිලී ගිය නැව ආශ්‍රිතව තෙල් කාන්දුවක් නිරීක්ෂණය වෙන බවට ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණයක්

කොළඹ මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වු Xpress-Pearl නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් යැයි සැක කළ හැකි පැල්ලමක් චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන බව Sky News වාර්තා කර තිබේ. සඳුදා (07) ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප වලින් දැක්වෙන්නේ නැව ආශ්‍රිතව ඇති තෙල් පැල්ලම මීටර් සිය ගණනක් දිග බවයි.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය (නාරා) පැවසුවේ නෞකාවේ ඇති තෙල් පෙත්තද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් පසු ජනාධිපතිවරයාගේ නියෝගයක් මත නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවතට ගෙන යාමට උත්සාහ කෙරුනු නමුත් නැවේ පසුපස කොටස මුහුදුබත්වීමෙන් එම කාර්ය අතරමග නැවතුණි. මෙම නැවේ පැවති රසායනික ද්‍රවය , ඇළුමිනියම් සහ වෙනත් අපද්‍රව්‍ය සාගරයට එකතුවීම සැළකීමේදී මෙය ශ්‍රී ලංකාවේ “දරුණුතම සාගර පාරිසරික ව්‍යසනය” ලෙස විස්තර කර තිබුණි.

මේ දක්වා වැලිගම සිට මන්නාරම දක්වා වෙරළ තීරයට ගොඩ ගසන ලද ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු සිදුවේ. ඊයේ මධ්‍යම පරිසර අධිකාරිය අනාවරණය කළේ දැනට ටොන් 1000ක ප්ලාස්ටික් අපද්‍රවය එක්රැස් කර ඇති බවයි.

එසේම පසුගිය දින කිහිපයේම පුත්තලම් වෙරළ තීරයේ සිට මිරිස්ස දක්වා වෙරළ තීරණයන්වල මියගිය සමුද්‍ර ජිවින්ගේ සිරුරු දක්නට ලැබුණි.

මෙහිදී සාගර විද්‍යාඥයින් අනතුරු අඟවා තිබුණේ රසායනික ද්‍රවයවලින් සිදුවිය හැකි හානියටත් වැඩි හානියක් තෙල් කාන්දුවකින් සිදුවිය හැකි බවයි.මේ වනවිට ගිලී ඇති නැවේ දැවි තෙල් ටොන් 300ක් පමණ ඇති බව වාර්තා විය.

එම තෙල් ඉවත් කිරීමේ කටයුතු සඳහා ලංකාවට පහසුකම් නොමැති බවත් ඒ සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට සිදුවෙන බව පැවසුනත් නමුත් මෙතෙක් ඒ සඳහා කිසිදු මැදිහතිව්මක් සිදුකර නැත. පසුගියදා නාවික හමුදාව අනාවරණය කර තිබුණේ තෙල් කාන්දුවක් සිදුවෙනවාද නැද්ද යන්න ගැන පමණක් නිරීක්ෂණය කරමින් සිටින බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...