වසන්ත නිර්දෝෂි බව අනාවරණය වුණොත් සිදුවු හානියට වන්දි ගෙවන්නේ කවුද? – ශ්‍රේෂ්ඨාධිකරණය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ නොවන නිර්දෝෂී පුද්ගලයෙකු බවට විමර්ශන වලින් පසු, අනාවරණය වුවහොත් ඔහුට සිදුවු හානියට වන්දි ගෙවන්නේ කවුදැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා නීතිපතිවරයාගෙන් විමසා තිබේ.

වසන්ත මුදලිගේ ගොනු කර ඇති පෙත්සමක් විභාගයට ගැනීමට අද(10) ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබුණි. ඒ අවස්ථාවේ වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස ද නියෝග කරනු ලැබීය.

පෙත්සම අද කැඳවුණු ලැබුවේ විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා යන විනිසුරු මඬුල්ල හමුවේය. ඒ අවස්ථාවේ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ නීතිපතිවරයාගෙන් විමසා සිටියේ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට රැඳවුම් නියෝගයක් ලබා දී ඇත්තේ, ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරදි කළ බවට කුමන හෝ සාක්ෂියක් ඉදිරිපත් වීමෙන් අනතුරුවද යන්න බවය.

පෙත්සම විභාගය ලබන ජනවාරි 31 වන දා ආරම්භ වේ.

වසන්ත මුදලිගේ වෙනුවෙන්, ජනාධිපති නීතිඥ සාලිය පිරීස් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පසුගිය අගොස්තු 18 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පැවැත්වූ විරෝධතාවක් අතරතුර වසන්ත මුදලිගේ ඇතුළු 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකු හැර 15 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරිණි.

ඒ අනුව වසන්ත මුදලිගේ, පුජ්‍ය ගල්වැව සිරිධම්ම සහ හෂාන් ගුණතිලක යන ක්‍රියාකාරීන් දින 90ක රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ප්‍රශ්න කිරීමට ජනාධිපතිවරයා විසින් පොලිසියට අවසර ලබා දෙන ලදි. මෙම තිදෙනාගෙන් හෂාන් ජීවන්ත ගුණතිලක පමණක් රැඳවුම් භාරයෙන් නිදහස් කර තිබේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්