දේශපාලන පලිගැනීම් පිලිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම සහ උතුරු නැගෙනහිර දියත් වූ අරගලය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද පවත්වනු ලැබුවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා විසින් මෙම සාකච්ඡාව පවත්වනු ලැබූ අතර එහිදී දේශපාලන පළිගැනීම් පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම දෝෂ දර්ශනයට ලක් කිරීම සිද්ධ වුණා. මෙම කොමිසම දේශපාලන පළිගැනීම් සොයන්න පත්කළත් අවසානයේ සිද්ධ කර තිබෙන්නේ දේශපාලන පළිගැනීම් බව ඔහු ප්‍රකාශ කරනවා.




