කුමුදුගේ කොළඹ මතක ගැන කියන කතා

කොළඹ නගරය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රයෝජනවත් නිරීක්ෂණ දෙකක් කිරීමට පුළුවන. පළමුවෙනුව කොළඹ නගරය අති සංකීර්ණ විවිධත්වයකින් ගහණ නගරයකි. ජනවාර්ගික, භාෂාමය, පන්තිමය යනාදී වශයෙන් මෙන්ම මේ වර්ගීකරණයන් තුළ බහා විස්තර කිරීමට බැරි සංස්කෘතික විවිධත්වයක් කොළඹ නගරය තුළ දක්නට ඇත. දෙවනුව කොළඹ නගරය යනු අති ශීඝ්‍රයෙන් වෙනස්වන සංසිද්ධියකි. විශේෂයෙන්ම ලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් මිදුණායින් පසු කාලය තුළ මෙම ශීඝ්‍ර වෙනස්වීම් පැහැදිලිවම දැකගත හැකිවිය. 1977 දී ආරම්භ කෙරුණු ආර්ථික ප්‍රතිපත්තීන්ගේ වෙනස්කම් සමඟ මෙම වෙනස්වීමේ ශීඝ්‍රතාව තවත් තියුණු විය. මේ කෘතිය කොළඹ නගරයට අදාළ මෙම මූලික ලක්ෂණ දෙක පැත්තෙන්ම ගත්කල අතිශයින් වැදගත් වේ. එක් අතකින් මේ කෘතිය තුළ කොළඹ නගරයේ ඇති විවිධත්වය සෑහෙන පමණකට ග්‍රහණය කරගෙන තිබේ. අනෙක් අතට මේ කෘතිය තුළ අපට හමුවන අත්දැකීම් සමූහය මූලික වශයෙන් අයත් වන්නේ ඉහත සඳහන් කළ, වෙනස්වීමේ ශීඝ්‍රතාවයෙන් අතිශයින් ඉහළ 1977න් පසු අවධියටයි.

  • නිර්මාල් රංජිත් දේවසිරි. Nirmal Dewasiri

කොළඹ නගරය එහි බොහෝ වැසියන් පවා හොඳින් දන්නා තැනක් නොවේ. එහි වැසියන්ගෙන් විශාල කොටසක් නියෝජනය කරන මෙම පොතේ ජීවිත මධ්‍යම පාන්තිකයන්ගේ සංජානන පරාසයෙන් ඔබ්බෙහි පවතී. මිනිසුන් දකින්නේ ඔවුන් දන්නා දෙයයි: සංවර්ධකයෝ සහ ආයෝජකයෝ ඉඩම් දකිති, දේශපාලකයෝ ඡන්දදායකයින් දකිති, බොහෝ පර්යේෂකයෝ වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ ආදායම සමඟ කේතනය කර ඇති ශරීර දකිති, වෘත්තිකයෝ ඉඩම් පරිහරණ ක්‍රම සහ ප්‍රතිපත්තිමය ඇඟවුම් දකිති, ඔවුන්ගේ විරුද්ධවාදීහු වින්දිතයින් සහ විභවාත්මක-විරෝධතාකරුවන් දකිති. එසේ වුව ද ඔවුහු මේ අය ඔවුන් ඇති සැටියෙන් දකින්නේ නැති තරම්ය. දේශපාලකයින් වෙනස් වූවාට එම වෙනස්වීම් නොතකා එකිනෙකට යාබද වෙනස් වෙනස් දේශපාලකයින් විසින් පාලනය කරනු ලබන ජනයා වෙනස් නොවන බව මේ දේශපාලකයෝ නොදනිති. එසේම සංවර්ධනයේ නාමයෙන් ඔවුන් ප්‍රජාව තව දුරටත් දුප්පත් කර ඇති බව විශේෂඥයින්ට නොපෙනේ. මම පාසල් ගිය මෙම හුරුපුරුදු අසල්වැසි ප්‍රදේශය ගැන බොහෝ දේ ඉගෙන ගැනීමට මම උනන්දු වී සිටිමි, මම ද එහි පිටස්තරයෙක් වෙමි.

  • නිහාල් පෙරේරා. Nihal Perera

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...