Breaking News

පිළියන්දල ජනතාව අත්විඳිමින් සිටින ඛේදවාචකයට ගාමිණී ලොකුගේ වගකිව යුතුයි!

ඊයේ දිනයේද 555 ක් වූ වැඩිම ආසාදිතයින් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඉන් වැඩිම පිරිස වන 126 දෙනෙකු වාර්තා වී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයෙනි. ඊයේ පමණක් නොව පිළියන්දලින් වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීම පසුගිය දින කිහිපයේම දක්නට ලැබුනු තත්ත්වයකි.

කෙසේවෙතත් මෙම තත්ත්වය ඇතිවීමට හේතුව සෞඛ්‍ය අංශ මගින් ගනු ලැබූ තීරණ දේශපාලන අධිකාරිය විසින් වෙනස් කිරීම බවට බොහෝ අංශවල කතා බහට ලක්වී තිබේ.

කොවිඩ් 19 මර්දන මෙහෙයුම තුළ විද්‍යාත්මක පදනමක් මත ගනු ලබන තාක්ෂණික තීරණ දේශපාලන හෝ වෙන කුමන හෝ බලපෑමකට යටත්ව වෙනස් කිරීමේ ප්‍රතිඵල දැන් පිළියන්දල ජනතාව අත්විඳිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

අද (15) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ එවැනි තාක්ෂණික තීන්දු වෙනස් කිරීම කිසිලෙසකින්වත් යෝග්‍ය නොවන බවයි. එය ජනතාවට කරන අසාධාරණයක් බවද ඔහු පෙන්වා දී තිබේ.

මිට අමතරව ගාමිණි ලොකුගේ අමාත්‍යවරයාගේ අමනෝඥ ක්‍රියාකලාපය නිසා මේ වන විට පිළියන්දල කලාපයම කොවිඩ් 19 වෛරසයට අරුණු ප්‍රදේශයක් වී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක ද පවසයි.

මෙවැනි අවස්ථාවල නිලධාරීන්ට නිර්භීතව තීරණ ගැනීමට හැකි බවට කෙනෙකුට පැවසිය හැකි වුවද එවැනි අවස්ථාක දේශපාලකයෙක් මැදිහත් වූ විට තීරණ ගැනීමට තා අපහසු තත්ත්වයක් ඇති බව ඔහු පවසා තිබේ.

කොවිඩ් 19 ව්‍යසනය දුරු කිරීමේ ක්‍රියාවලිය තුළ යම් යම් දේශපාලකයින්ගේ අනිසි බලපෑම් එල්ලවෙමින් තිබෙන බවත් එහෙත් පුන පුනා පවසන්නේ මෙවැනි තත්ත්වයක් තුළ ඉඩ දිය යුත්තේ අදාළ විශේෂඥයින්ට සහ ඉදිරි පෙළ කටයුතු කරන සෞඛ්‍ය සේවකයින්ට හා නිලධාරීන්ට බව ඔහු අවධාරණය කරයි.

කොවිඩ් 19 මර්දන වැඩපිළිවෙල සඳහා සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙලට දේශපාලන බලපෑම් එල්ලවීම ඉතා කණගාටුදායක බව මංජුල ගජනායක වැඩිදුරටත් පවසා සිටියි.

leave a reply