චෙම්මනි සමූහ සුසානය – සොයා ගත් සිරුරු සංඛ්‍යාව 65ක් දක්වා ඉහළට

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ ක්‍රියාත්මක කළ තෙවන අදියරේ කැණීම් ජූලි 10 අවසන් කළ බව කැණීම් නිලධාරීන් පවසයි.

ඔවුන් පැවසුවේ, තුන්වන අදියර යටතේ මේ දක්වා මිනිස් සිරුරු 65කට අදාළ අස්ථි කොටස් ගොඩගත් බවයි.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ මෙහි සිව්වන අදියරේ කැණීම් කටයුතු ජූලි 21 වන දා ආරම්භ කිරීමට නියමිත වේ.

යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු කැණීම් කටයුතු සිදුවන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙනි.

කෙසේ වෙතත්, එම ස්ථානයෙන් හමුවූ අස්ථි කොටස් තවමත් කාල නිර්ණය සඳහා යොමු කර නොමැති බවත් එම අස්ථි කොටස් සම්බන්ධයෙන් තවමත් නිගමනයකට එළඹ නැති බව කැණීම් නිලධාරීන් සඳහන් කරයි.

තෙවන අදියරේ කැණීම්වල දෙවන හා තෙවන දිනයේදී (ජූනි 28) කාන්තාවකගේ යැයි සැක කරන අස්ථි කොටස් කිහිපයක් මතු කර ගෙන තිබුණු අතර, අදාළ කාන්තාවගේ පපු ප්‍රදේශය ආසන්නයේ කුඩා දරුවෙකුගේ යැයි සැක කෙරන අස්ථි කොටස් කිහිපයක් ද එහිදී හමු විය.

උතුරු-නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමය සඳහන් කළේ, මේ පිළිබඳව විශේෂ අවධානයෙන් පසුවන බව ය.

එමෙන් ම, ජූනි 28 වන දින පාසල් බෑගයක් බවට සැක කෙරෙන බෑගයක් මතු වී ඇති අතර ඒ අසල කුඩා දරුවෙකුගේ මළ සිරුරකට අයත් බවට සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් තිබී හමුව තිබිණි.

BBC ඇසුරිණි

Share post:

Popular

More like this
Related

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...

පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින්...

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට අද(04) ගෙන තිබේ. හිටපු අමාත්‍ය...