Breaking News

රුහුණු විශ්ව විද්‍යාලයේ ගැටලු විසඳීමට අ.වි.ශි.බ.ම. යෝජනා ඉදිරිපත් කරයි!

වසර තුනකට ආසන්න කාලයක සිට සුජීව අමරසේන උපකුලපතිවරයා විසින් රුහුණ විශ්වවිද්‍යාලය තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ අත්තනෝමතික පරිපාලනයක් ගෙනයමින් ඇති බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රකාශ කරයි.

එම කාලය තුළ ශිෂ්‍යයන්, ආචාර්යවරුන් සහ සේවකයින් නිහඬ කිරීමේ දැඩි මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් ඇති බවත් එම නිසා අධ්‍යයන සහ සාමාන්‍ය නිදහස මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවා රුහුණ සරසවි ප්‍රජාවටම අහිමි වී ඇති බවත් ඔවුන් ප්‍රකාශ කර සිටී. අසාධාරණ ලෙස චෝදනා ගොඩනගමින් සිසුන්ට ශිෂ්‍යභාවය අහෝසිකිරීම් ලබාදීමටත්, ආචාර්යවරුන්ට විනය පරීක්ෂණ සහ විශ්‍රාම ගැන්වීමටත්, සේවකයන්ට ස්ථාන මාරු ලබා දීමට සහ සේවයෙන් පිටමං කිරීමටත් කටයුතු කර ඇති බවත්, ශිෂ්‍ය නේවාසිකාගාර තුළ පවා CCTV කැමරා සවි කරමින් සිසුන්ගේ පුද්ගලිකත්වය සීමා කර ඇති බවත් ඔවුන් සදහන් කර සිටී.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරි වසර තුනක කාලය සඳහා නව උපකුලපතිවරයකු පත් කිරීමේ කටයුතුද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් ඇති බව ය. නමුත් ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව ඇත්තේ සුජීව අමරසේන උපකුලපතිවරයා සහ ඔහුගේ හිතවතුන් කිහිප දෙනක් පමණක් බවට වාර්තා වී ඇත. රුහුණ විශ්වවිද්‍යාලයේ පවතින මෙම මර්දනකාරිත්වය අවසන්කර විශ්වවිද්‍යාල කටයුතුවල ගැටලුකාරී තත්වයන් නිරාකරණය කිරීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව මගින් ජනාධිපතිවරයාට ඒකාබද්ධ යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

විශ්ව විද්‍යාලයේ මෙම දීර්ඝකාලීන ගැටලු, ශිෂ්‍ය ක්‍රියාකාරකම්වලට මෙන්ම නිදහස් අධයාපන පරිසරයක් ඇතිකිරීමට බාධාකාරී ලෙස පවතින වත්මන් උපකුලපතිවරයාගේ නොමනා ක්‍රියාකලාපය සම්බන්ධ විශ්වවිද්‍යාල පරිපාලනයට, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට, උසස් අධ්‍යාපන අමාත්‍යංශයට මෙන්ම වෙනත් නියාමන ආයතන වෙත කළ දැනුම්දීම් කිසිවක් ප්‍රතිඵලදායක වී නැති බව අ.වි.ශි.බ.ම. පවසයි.

මෙම පසුබිම තුළ මෙම ගැටලු විසඳීමේ යෝජනා ජනාධිපතිවරයා වෙත යැවු ලිපියකින් ඉදිරිපත් කර ඇති අතර, ඒහි පිටපත් විශ්ව විද්‍යාල පරිපාලනයට මෙන්ම ආචාර්යවරුන්ටද යොමුකර ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

leave a reply