එක්ස්ප්‍රස් පර්ල් ගිනිගත් අවස්ථාවේ ලබාදුන් සහය වෙනුවෙන් ඉන්දියාව වන්දි ඉල්ලයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සහ නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවේ අනතුරට ලක්වූ අවස්ථාවේ ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඉන්දීය රජයට ඉන්දියානු රුපියල් මිලියන 890ක මුදලක් ගෙවීමට සිදුව ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

ඉන්දීය රජය විසින් අදාළ ඉල්ලීම ලිඛිතව දැනුම් දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

“ටීවි දෙරණ” ඔස්සේ ඊයේ (22) රාත්‍රී විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසිය.

” නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සහ පරිසර හානිය වළක්වා ගැනීමට කටයුතු කළේ මුලික වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා අපේ ඉල්ලීම මත ඉන්දීය නාවික හමුදාව. පරිසර හානිය තවත් බරපතළ වෙන්න තිබුණ එක වළක්වා ගන්න. ඉන්දීය නාවික හමුදාව දීපු දායකත්වය සම්බන්ධයෙන් මේ වනවිට ඒ අය අපෙන් මුදල් ඉල්ලලා තියෙනවා ඉන්දීය රුපියල් මිලියන 400ක්. ලංකාවේ මුදලින් නම් රු මි 1,400ක් වගේ. මේවා කටකතා නෙමෙයි. ලිපිගොනුවෙත් ඇති එවපු ලේඛනය. පහුවෙලා දෙන්නම්. එක්ස්ප්‍රස් පර්ල් එකට රු මි 490යි. නිව් ඩයමන්ඩ් එකට රු මි 400යි.”

එක්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් සිදුවූ හානියට අදාළ වන්දි ලබාගැනීම වෙනුවෙන් මෙරටදී නීතිමය පියවර ගතහැකි කාලය මේවන විට ඉක්ම ගොස් තිබේ.

දැනට වන්දි ලබාගැනීම සඳහා සිංගප්පූරුවේ පවරා ඇති නඩුවෙන් ද අපේ රට අපේක්ෂා කරන මට්ටමේ වන්දි මුදලක් හෝ ලබාගැනීමට හැකිවේද යන සැකය පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...