රාජ්‍ය සේවක ප්‍රශ්නවලට ආණ්ඩුවේ උත්තරය ‘ ඉන්න බැරිනම් යන්න’

විවිධ රාජ්‍ය ආයතනවල මතුවන වෘත්තීය ගැටලු සහ වෘත්තීය සටන්වලදී ආණ්ඩුවේ පොදු ප්‍රතිචාරය වී ඇත්තේ ඉන්න බැරිනම් ඉවත්වී යන ලෙසයි.

මෙම ප්‍රකාශය ජනාධිපතිගේ සිට විවිධ ඇමතිවරු විසින් සිදුකරන ආකාරය දැකිය හැක.

රාජ්‍ය ආයතන තුළ තවදුරටත් පරණ ඇබ්බැහිවලට ලොල් වූ පුද්ගලයන් සිටින බවට හඳුනාගෙන ඇති බවත් ඔවුන් නව දේශපාලනයට හැඩනොගැසෙන්නේ නම් වහා ම ඉවත්ව යා යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබේ .

ඔවුන් ඉවත්ව නොයන්නේ නම් ඉවත් කරන බව ද ජනාධිපතිවරයා පවසා ඇත.

මෙය පැවසුවේ මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටස ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

මිට අමතරව ඊයේ දිනයේම පැවති කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ තවත් ටැංකි 06ක ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා වන සමාරම්භක වැඩසටහනට එක්වෙමින් ද ජනාධිපතිවරයා විදුලි සේවක වර්ජනය සම්බන්ධයෙන් මෙයට සමාන අදහසක් පළකර තිබුණි.

ඔහු පවසා තිබුනේ “දැන් මම විදුලි බල සේවක මහත්තුරුන්ගෙන් අහන්නේ,’ පරණ එක වෙනස් කරපු එක අපරාධයක්ද?’ දැන් අකුරට වැඩ කරනවා, ලෙඩ නිවාඩු ගන්නවා. ගන්න කියන්නකෝ… , මෙහෙම වැඩකරන්න බෑ.”

ඒ නිසා අපි සමාගම් කීපයක් ගොඩනගනවා. සේවක මහත්තුරුන්ට අපි කාලය දීලා තියෙනවා ඒ සමාගම් වලින් කැමති සමාගමක් තෝරාගන්න. මාස දෙකක කාලයක් තියෙනවා. තමන් කිසි සමාගමකට යන්න කැමති නැත්නම් තමන්ට යන්න පුළුවන්. මේවට අකුල් හෙලන්න බැහැ කාටවත්.

මිට පෙර තැපැල් වර්ජනය සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ ප්‍රතිචාරය වී තිබුනේ මෙයට සමාන දෙයකි.

තැපැල් වර්ජකයන්ගේ ඉල්ලීම් දෙකක් වන ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවත් කිරීම හෝ අතිකාල දීමනා වැඩි කිරීම යන ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි බවත් තීරණ සමඟ යාමට කැමති තැපැල් සේවකයන්ට සේවයේ රැඳී සිටිය හැකි බවත්, ඇඟිලි සලකුණු යන්ත්‍රවලට අකමැති පිරිස් සිටිනවා නම්, ඇඟිලි සලකුණු යන්ත්‍ර නොමැති තැනක ගොස් රැකියාවක් කළ හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයසිංහ පවසා තිබුණි.

ඊයේ දිනයේම ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසා තිබුනේද දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...