අනුරාධපුර රැස්වීමේදී ‘අපිට පොහොර ඕනේ’ කියමින් ජනතාව කෑ ගසයි

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පොහොර ප්‍රශ්නය ගැන විශේෂයෙන් කතා කරනු දැකිය හැකිවිය.

“පොහොර නැතුව හරි ඇතුව හරි ගොවි ජනතාවගේ ආදායම 100%කින් මම වැඩිකරනවා.” යනුවෙන් ජනාධිපතිවරයා සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට විශාල විරෝධයක් ද එල්ල වී තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කතා කරන අවස්ථාවේ තමන්ට පොහොර ලබාදෙන්නයැයි මෙම මහජන රැස්වීමට සහභාගීවූ පිරිස් කෑමොරදී ඉල්ලා සිටිනු දක්නට ලැබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැළිය සංවිධානය කර තිබුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා ගොවියන්ට රුපියල් 350 ට ලබාදුන් පොහොර ගැන මතකය අවදි කරද්දී රැස්ව සිටි පිරිස “පොහොර ඕනේ” යනුවෙන් කෑගසන ආකාරයට දැකිය හැක.

එක්සත් ජාතික පක්ෂ රජය සමයේ වී කිලෝවට ලැබුණු මුදල මතකද යනුවෙන් අග්‍රාමාත්‍යවරයා රැස්ව සිටි පිරිසගෙන් නැවත විමසද්දී ” කමක් නැහැ, පොහොර ඕනේ” යනුවෙන් යළිත් රැස්ව සිටි පිරිස කෑ ගසන්නට වුණා.

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...