අනුරාධපුර රැස්වීමේදී ‘අපිට පොහොර ඕනේ’ කියමින් ජනතාව කෑ ගසයි

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පොහොර ප්‍රශ්නය ගැන විශේෂයෙන් කතා කරනු දැකිය හැකිවිය.

“පොහොර නැතුව හරි ඇතුව හරි ගොවි ජනතාවගේ ආදායම 100%කින් මම වැඩිකරනවා.” යනුවෙන් ජනාධිපතිවරයා සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට විශාල විරෝධයක් ද එල්ල වී තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කතා කරන අවස්ථාවේ තමන්ට පොහොර ලබාදෙන්නයැයි මෙම මහජන රැස්වීමට සහභාගීවූ පිරිස් කෑමොරදී ඉල්ලා සිටිනු දක්නට ලැබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැළිය සංවිධානය කර තිබුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා ගොවියන්ට රුපියල් 350 ට ලබාදුන් පොහොර ගැන මතකය අවදි කරද්දී රැස්ව සිටි පිරිස “පොහොර ඕනේ” යනුවෙන් කෑගසන ආකාරයට දැකිය හැක.

එක්සත් ජාතික පක්ෂ රජය සමයේ වී කිලෝවට ලැබුණු මුදල මතකද යනුවෙන් අග්‍රාමාත්‍යවරයා රැස්ව සිටි පිරිසගෙන් නැවත විමසද්දී ” කමක් නැහැ, පොහොර ඕනේ” යනුවෙන් යළිත් රැස්ව සිටි පිරිස කෑ ගසන්නට වුණා.

 

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...