පාර්ලිමේන්තුවෙන් කෑවොත් දෙදහක් ගෙවන්න වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර වේල සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 400 සිට 2000 දක්වා වැඩි කිරීමට ගෘහ කාරක සභාවේ දී තීරණය කළ බව එහි කාරක සභාවේ සාමාජිකයෙකු වන ගමගෙදර දිසානායක ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව උදෑසන ආහාර වේල රුපියල් 600 කටත් දහවල් ආහාර වෙන 1200කටත් සවස තේ සඳහා රුපියල් 200කුත් අය කිරීමට යෝජනා වෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දිශානායක මහතා ප්‍රකාශ කර සිටියේ මේ ආහාර වේල් වල මිල ඉහළ දැමීම සාධාරණ බවයි.

කාලයක් තිස්සේ පාර්ලිමේන්තු නියෝජිතයන් සඳහා ලබාදෙන ආහාර වේල පිළිබඳව රටේ මහජනතාව තුළ නොසතුටක් පැවති අතර පාර්ලිමේන්තු ආහාර වෙල සඳහා අය කරගන්නා මිල දැඩි විවේචනයකට ලක්වී තිබුණා.

එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේ සිට ඉහළ දැමූ මිල ගණන්වලට අනුව පාර්ලිමේන්තුවේ කෑම වේල ලබාදීම කටයුතු සිදු වෙමින් පවතී.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...