ඉබ්බෙක් පියාඹනවා පෙන්නුවත් රනිල් මැතිවරණයකින් දිනනවා පෙන්නන්න බැහැ.

Date:

අද පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කර සිටියා රනිල් වික්‍රමසිංහ මැතිවරණ සදහා මුදල් වෙන්කර ඇති බව පැවසුවද මැතිවරණ පවත්වන බව පැවසුවද මැතිවරණයක් පවත්වන්නට තියෙන සම්භාවිතාව අඩු බව.

එහිදී ඒ පිළිබඳව පැහැදිලි කළ ඔහු කියා සිටියේ මැතිවරණ පවත්වනවා නම් ඊට අදාළ තොරතුරු රාජාසන කතාවට එකතු විය යුතුව තිබුණු බවයි. රනිල් වික්‍රමසිංහ රාජාසන කතාවේදී එවන් දෙයක් නොපවසන්නේ යම් ව්‍යවස්ථා ගැටයක් ගසා තවත් කාලයක් බලය රඳවා ගැනීමට උත්සාහ කරන නිසා දැයි යන සැකය මතුවන බවයි.

රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් පුබුදු ජයගොඩ කියා සිටියේ රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ලෙස විශාල ප්‍රතිරූපයක් මවාගෙන සිටියාට මැතිවරණයක් හමුවේ ඉතා පුංචි මිනිහෙක් වන බවත් මැතිවරණයකදී රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය කරන්නට බැරි බවත් ඒ නිසා ඔහු මැතිවරණ පවත්වන බව ප්‍රකාශ කළද මැතිවරණ නොපවත්වා ව්‍යවස්ථා ගැට ගහලා ඉදිරියට යන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණය කරගන්නට සූදානම් වීමේ ඉඟියක් රාජාසන කතාවේ පැවති බවයි.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...