Breaking News

ජාන තාක්ෂණය සහ ලෝක සදාචාරය

සංජීවනී රෑපසිංහ

ජාන ඉංජිනේරු විද්‍යාව කියන්නේ ලෝකෙට අලුත් විෂයයක්. සෛලවල ඇති අපිට ආවේණික ගතිගුණ ගෙනියන ඩීඑන්ඒ වගේ දේවල් හඳුනාගැනීමත් එක්ක ඒවා කොපි කරන්න ඒවා වෙනස් කරන්න මේ තාක්ෂණයෙන් පුලුවන් වුණා.

මගේ කොණ්ඩය කැරලියි. ඒක මට අදාල ජාන ලක්ෂණයක්. මගේ ලොකු පුතාට ඒක ස්වභාවිතව ආවා. ඒත් ජාන තාක්ෂණය ඔස්සේ මේ ලක්ෂණය වෙන් කර ගන්න පුලුවන්. වෙන කෙනෙකුට දෙන්න පුලුවන්. ඒ වගේ සත්තු තුළ මිනිස්සු තුළ ශාක තුල තියන ඕනෑම ලක්ෂණයක් වෙන් කරන්න පුලුවන්.

මේ තාක්ෂණය අනුව මස් වැඩිපුර දෙන කිරි වැඩිපුර දෙන සත්තු අලුතෙන් හැදුවා ජාන තාක්ෂණයෙන් අලුත් එලවලු පළතුරු හැදුවා.

ඒත් මානව ක්ලොනීකරණය ලෝකේ තහනම් දෙයක්. ඒ ඇයි කියලා අපිට තේරුම් ගන්න පුලුවන්. තවත් හිට්ලර් කෙනෙක් අපිට ඕන නැහැ. ඒත් රහසිගතව මේවා වෙන්නේ නැහැ කියලා කියන්න බැහැ.

ජාන තාක්ෂණයත් එක්ක අලුත් සදාචාරමය ප්‍රශ්න සමුදායක් ලෝකයට ආවා. ඒවා මේ දූපත්වාසීන් හිතනවාට වඩා ඉතා සංකීර්ණ තලයක තියන දේවල්. ආයුධ වෙලදාමටත් වඩා අශිෂ්ටම වෙලදාම අද වෙනකොට මේ තාක්ෂණයත් එක්ක බැඳී පවතිනවා.

අලුත් වෛරස් නිර්මාණය, ජෛව අවි වගේ දේවල් ඒවා එක්ක බැදුණා. ඒවාට අලුත් එන්නත් බෙහෙත් නිෂ්පාදනය ඒත් එක්ක බැඳී පවතිනවා. මේක විශාල මාෆියාවක් අද වෙන කොට ලෝකයේ.

ඒඩ්ස් වෛරයසය පවා විද්‍යාගාරයක් තුළ නිශ්පාදනය වුණු එකක් යන්නට බොහෝ වාද විවාද තියනවා. මොකද අප්රිකාවේ වදුරොයි මිනිස්සුයි අනාදිමත් කාලෙක ඉඳන් හිටියා. ඒත් ඒඩ්ස් ආවේ 1982 වගේ මෑතක. ඇන්ත්රැක්ස් කොවිඩ් වගේ තවත් පෝලිමක් තියනවා.

ජාන හොරකම කියන්නේ එක ජානයක් අරන් ගිහින් ක්ලෝනීකරණය කරලා තව සත්තු ශාක හදාගෙන ඒවා එයාලාගේ නමින් පේටන්ට් කරන එක විතරක් නෙමෙයි. එහෙමත් කරනවා. ඒක විතරක් නෙමෙයි. ජාන පර්යේෂණ අවශ්‍යතා වෙනුවෙන් කරන තවත් බොහෝ දේවල් එක්ක බැදී පවතිනවා.

රිලවෙක්ගේ එක ජානයක් අරන් ගිහින් ක්ලෝනීකරණය කරලා තවත් රිලව් සීයක් හදන්න කොච්චර වියදමක් යනවද ඒත් මේ ගොන් රට ලේසියෙන් රවට්ටන්න පුලුවන් කියලා චීනා දන්නවා. අඩු ගානට රිලව් ලක්ෂයක් ගන්න පුලුවන්.
රිලව් ලක්ෂයක් සත්වෝද්‍යාන සඳහා වැඩක් නැහැ. මස් පිණිස වෙන්න පුලුවන්. මස් පිණිස කියලා හිතුවත් එක භික්ෂුවක් ඒකට විරුද්ධ වෙනවා මං දැක්කේ නැහැ. එයාලා වදුරු රිලා මොළය කන්නේ සතා ජීවත්ව සිටියදී. ලෝකේ ආහාර සංස්කෘතිය ඇතුලේ අතිශය අමානුෂික ආහාර සංස්කෘතියක් තියෙන්නේ චීනයේ.

ආහාර සඳහා නම් දැනට රටේ ඉන්න රිලව් ටික ඉතා ඉක්මනින් ඉවර වෙයි චීනයේ ජනගහනයට සාපේක්ෂව.
රිලවා සදහටම වඳ වෙලා යයි. ඒ විදිහට over fishing නිසා වගේම දඬයම් කිරීම නිසාම වඳ වෙලා ගිය සත්තු ඉන්නවා. ගොවියෝ කියයි සදහටම මුං වදවෙලා යන්න ඕන කියලා.

සමහර මිනිස්සු හිතන්නේ මිනිසාට කරදර සත්තු වඳවෙන්න ඕන කියලා. කැරපොත්තෝ හූනෝ මීයොත් එහෙනම් චීනෙට දෙන්න වෙයි. ඒකට කියන්නේ මානව කේන්ද්‍රීය චින්තනය කියලා. ඕක ආවේ යුරෝපයේ නූනවාදයත් එක්ක. දැන් ලෝකය ඊට වඩා වෙනස්. ලෝකේ මිනිසා කියන්නේ එක් සත්ත්ව විශේෂයක් පමණයි. පරිසර විද්‍යාත්මකව මිනිසාටත් පුංචි ගේ කුරුල්ලෙකුටත් ලැබෙන්නේ එකම වටිනාකමක්. යම්කිසි ගහනයක් වැඩි වෙනවා නම් ඒක ස්වභාවිකව පාලනය වෙනවා. පාලනය කළ හැකියි. ඒකට zoologist ලාගෙන්උපදෙස් ගන්න. වැදගත් තැන්වලට තීරණ ගන්න තැන්වලට දාගෙන ඉන්න ගොට්ටන්ගෙන් නෙමෙයි.

ලංකාවේ අති දක්ෂයෝ ඉන්නවා. වැඩ ගන්නේ නැහැ. කොළඹ විශ්වවිද්‍යාලයේ මගේ මිත්‍රයෙක් වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් කොවිඩ් ආපු කාලේ කොවිඩ් පැතිරීම අඩු කිරීමට සැලසුමක් හැදුවා. ඒත් ආණ්ඩුව ඒක සපහකට මායිම් කොකර තම තමන්ගේ හිතවතුන්ට ගොටු පූජා කරමින් කොව්ඩ් පැතිරෙන්න ඇරියා. අර මගේ මිත්‍රයාගේ මොඩ්ල් එක ජර්මනියෙන් මිලදී ගත්තා. ඔහොමයි අපේ රට.

චීනය අපිව විශාල ආර්ථික උගුලක හිර කළා. ඒක අපේ පාලකයෝ දැන ගෙන කරපු එකක්මත් නෙමෙයි. ඒත් චීනය හොදින්ම සැලසුම් කර කරපු එකක්.

දැන් අපි ආර්ථිකව නන්නත්තාර වෙලා. දැන් මොනවා හරි විකුණලා දිවි ගැටගහගන්න බලන්නේ. වෛවිවිධත්වය අතින් අපි ඉතාමත් පොහොසත් රටක්. ඒවගේමයි රටේ පිහිටීමේ ඇති ස්ථානීය වැදගත්කම.

තමන්ගේ බඩගොස්තරවාදය හැමදාම අපේ රටේ එක. පාන් ගෙඩිය තුනයි පනහට දෙනවා කියලාත් බලය ගත්තා. දැනුත් හාල් කිලෝ දහය දුන්නම බලය දෙනවා.

ඒත් චීනා සතුව ඇති ජාන ඉංජිනේරු තාක්ෂණය උන් වගේම අශිෂ්ටයි. ගොවිතැන බේරගන්න අහිංසක සත්තු ටික දීලා ගොව්තැන් කරන්නවත් මිනිස්සු ඉතිරි නොවන රෝග එන්නත් පුලුවන්.

ජාන හොරකම් කියන්නේ හිතන තරම් සරල දෙයක් නෙමෙයි. ඒකත් එක්ක බැදුණු අතිශය සංකීර්ණ සදාචාර ගැටලු සමූහයක් තියනවා. තව දුරටත් විස්තර අවශ්‍ය නම් අපගේ විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන් Bio ethics, Animal ethics, Environmental ethics වගේ පාඩමකට සහභාගී වෙන්න අවස්ථාව දෙන්න පුලුවන්. ජාන ආශ්‍රිත පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනිමත් ජාන හොරකමේම කොටසක් තමයි.

බඩගොස්තරය ගැන විතරක් හිතලා වැඩ කරන්න. ඒකේ ප්‍රතිඵලත් ලැබෙයි. මේ දැන් ලැබිලා තියන විදිහටම.
ස්වභාව දහම මිනිසා හිතනවාට වඩා ගොඩාක් ලොකුයි.

(මං ජෙප්පෙක් කියා බෞතීස්ම කළ එසේම මගේ ජංගි කතා කියමින් බැනවැදුණු එකම දෙයක්වත් විලුඹෙන් උඩට ගන්න තරමි මානසිකව මං අඳ බාල නැහැ. ඒක මාව දන්න අය දන්නවා. මාව වට්ටන්න උඹලාට ගහන්න බැහැ. අනික මං උත්තර දෙන්නේ මට ඕන අයට විතරයි. හරක් එක්ක පැටලෙනවාට වඩා තව ගොඩාක් වැඩ තියනවා.)
දැන්වත් චීන උගුල්වලින් මිදෙන්න බලන්න. ඕව්. විශ්වවිද්‍යා⁣ලයේ චීන දර්ශනය උගන්වන්නෙත් මමම තමයි. ඒකයි ⁣මෙහෙම කියන්නේ.

“ඔබට ගෙහිමියා වන්නට අවශ්‍ය නම්
ඔබ පැමිණිය යුත්තේ නිවසට පැමිණෙන අමුත්තකු ලෙසිනි”
ඔන්න ඔහොමයි එයාලා එන්නේ.

leave a reply