සිදුවෙන දේ පැහැදිලියි නේද?

මුලින් කියනවා පෞද්ගලික අධ්‍යාපන ආයතන පටන් ගත්තට කමක් නෑ රාජ්‍ය අධ්‍යාපන ආයතන වලින් නිදහස් අධ්‍යාපනය දෙනවා කියලා.
දෙවනුව කියනවා විදේශ වලින් අධ්‍යාපනය ලබනවාට වඩා ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතන වල මිල අඩු නිසා ඒක ලාබයි කියලා.
තුන්වෙනියට කියනවා රජයට අධ්‍යාපනය සඳහා වෙන් කරන්න සල්ලි නෑ කියලා.
සිව්වැනියට කියනවා රාජ්‍ය අධ්‍යාපන ආයතන වලින් ඉගෙන ගන්නත් මුදල් ගෙවන්න කියලා.

නිදහස් අධ්‍යාපන ධාරාව පෞද්ගලීකරණය කරනවා නේද කියලා හඬ නැගුවාම පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් ඔය පාඨමාලාව කරන්න අච්චර මෙච්චර යනවා රජයේ ගාන ලාබයි කියනවා.

ඔය විදියට කොහොම හරි එකක් පෞද්ගලීකරණය කරනවා. ඒකට විරුද්ධ වුණොත් හෙංචයියෝ ටිකක් දාලා ඇයි එකකට විරුද්ධ වෙන්නේ….. තව ඒවා තියෙනවානේ…. ටියුෂන් වලට විරුද්ධවත් උපවාස කරන්නකෝ…… බ්ලා…. බ්ලා කියනවා.

කොහොම හරි එකක් කර ගත්තට පස්සේ අරකත් විකුණනවානේ… මේකත් විකුණුවම මොකද කියනවා

මේ පෞද්ගලීකරණ වට්ටෝරුවට ආසන්නතම නිදසුන ලෙස කටුනායක IET ආයතනයේ NDES ඉංජිනේරු ඩිප්ලෝමාව විකිණීම ගැන අද දිවයින පුවත්පතේ NAITA පැහැදිලි කිරීම කියවන්න.

උසස්පෙල ගණිත විෂයයන් හදාරා ඉංජිනේරු පීඨයකට යන්න ලකුණු මදි වුණත් ඉංජිනේරු අධ්‍යාපනය ලබන්න නිදහස් අධ්‍යාපන ධාරාව යටතේම විකල්ප අවස්ථා තිබුණා. NDT – HNDE – NDES ඩිප්ලෝමා තුන ඒ සඳහා තිබූ අගනා අවස්ථා තුනක්. දැන් ඒ අවස්ථා එකින් එක උදුරා ගන්නවා. මේවාට එරෙහිව නැගී සිටිනවාද නැතිනම් නිහඬව සිටිනවාද යන අප ගන්නා තීරණය මත අනාගත පරම්පරා වල අධ්‍යාපන අයිතිය රැඳී තියෙනවා.

පුබුදු ජයගොඩ

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...