විදුලි බිලට පොලු තැබූ ඇමතිවරුන්ට බිල් ගෙවන්න තවත් සහන කාලයක්

විදුලි බිල ගෙවීම පැහැර හැරි මැති ඇමතිවරුන්ට එම බිල් ගෙවීම සඳහා සති දෙකක කාලයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

ඊයේ (13) පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

විදුලිබිල පැහැර හැරීම සම්බන්ධයෙන් සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විදුලිබිල ගෙවීම පැහැර හැර තිබෙන වත්මන් සහ හිටපු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්ගේ බිල්පත්වලින් සියයට 60 කට වැඩි මුදලක් අයකරගෙන ඇති බවයි.

හෙක්ටර් අප්පුහාමි මොහොතේ විමසා ඇත්තේ මෙම ඇමතිවරුන් කවුරුන්ද යන්න පාර්ලිමේන්තුවට හෙළිකළ හැකිද යන්නයි. නමුත් ඒ බව හෙළිකළ හැකි බව පවසා ඇතත් ඔවුන් කවුරුන්ද යන්න නම් කර නැත. ඔහු පවසා ඇත්තේ ඒ ප්‍රශ්නයේ තාක්ෂණික දෝෂයක් ඇති බවයි. සමහර ඇමතිවරුන් මියගොස් ඇති බවද ඉන්දික අනුරුද්ධ ඇමතිවරයා පවසා ඇත.

මේ අතර දැනට මියගොස් සිටින මැති ඇමැතිවරුන් විසි පස්දෙනකු ඔවුන් ජීවතුන් අතර සිටියදී සිය නිල නිවාස සහ පෞද්ගලික නිවාස සඳහා ලබාගත් ජලය වෙනුවෙන් ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවා නැතැයි වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...