Breaking News

විදුලි බිලට පොලු තැබූ ඇමතිවරුන්ට බිල් ගෙවන්න තවත් සහන කාලයක්

විදුලි බිල ගෙවීම පැහැර හැරි මැති ඇමතිවරුන්ට එම බිල් ගෙවීම සඳහා සති දෙකක කාලයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

ඊයේ (13) පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

විදුලිබිල පැහැර හැරීම සම්බන්ධයෙන් සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විදුලිබිල ගෙවීම පැහැර හැර තිබෙන වත්මන් සහ හිටපු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්ගේ බිල්පත්වලින් සියයට 60 කට වැඩි මුදලක් අයකරගෙන ඇති බවයි.

හෙක්ටර් අප්පුහාමි මොහොතේ විමසා ඇත්තේ මෙම ඇමතිවරුන් කවුරුන්ද යන්න පාර්ලිමේන්තුවට හෙළිකළ හැකිද යන්නයි. නමුත් ඒ බව හෙළිකළ හැකි බව පවසා ඇතත් ඔවුන් කවුරුන්ද යන්න නම් කර නැත. ඔහු පවසා ඇත්තේ ඒ ප්‍රශ්නයේ තාක්ෂණික දෝෂයක් ඇති බවයි. සමහර ඇමතිවරුන් මියගොස් ඇති බවද ඉන්දික අනුරුද්ධ ඇමතිවරයා පවසා ඇත.

මේ අතර දැනට මියගොස් සිටින මැති ඇමැතිවරුන් විසි පස්දෙනකු ඔවුන් ජීවතුන් අතර සිටියදී සිය නිල නිවාස සහ පෞද්ගලික නිවාස සඳහා ලබාගත් ජලය වෙනුවෙන් ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවා නැතැයි වාර්තා වේ.

leave a reply