Breaking News

උතුරේ ප්‍රශ්නය සම්බන්ධයෙන් රනිල්ව විශ්වාස කරන්න පුළුවන් කිසිදු හේතුවක් නැහැ – ළහිරු වීරසේකර

ජනාධිපතිවරයා ඊයේ(08) සිදුකළ පාර්ලිමේන්තු කතාවේ මුල් කොටස ඇසීමේදී රනිල් වික්‍රමසිංහ ඒ කතා කරන්නේ වෙනත් රටක් ගැන බවට සිතෙන බව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ රට ගොඩනැගීමට යෝජනා ඇතිනම් පවසන ලෙස ජනාධිපතිවරයා පැවසූ බවත් රට ගොඩනැගීමට නම් තමන්ට ඇති යෝජනාව වන්නේ රනිල් වික්‍රමසිංහ ගෙදර යාම බවයි.

ඊට අමතරව මෙම මාධ්‍ය හමුවේදී රනිල් වික්‍රමසිංහ විසින් 13වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බව පැවසීම සම්බන්ධයෙන්ද ළහිරු වීරසේකර අදහස් පලකරන ලදී.

ඔහු පැවසුවේ,

“උතුරේ ප්‍රශ්නය කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ උත්තර දෙන්නේ නැති ප්‍රශ්නයක්. රනිල් වික්‍රමසිංහයි, මහින්ද රාජපක්ෂයි ඉන්නෙ එක ගොඩේ. ඒ ඔක්කොම එකවල්ලේ පොල්. ඒ නිසා දැන් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පවිච්චි කරමින් දැන් ආපහු ජාතිවාදී බලවේග නැගිටිමින් ඉන්නවා. මේක හරහා කලින් අවස්ථාවල වගේම නැවත වතාවක් රට බේරා ගැනීමේ අවසන් අවස්ථාවක් උදාවීමට නියමිතයි. ඒ නිසා අපි පැහැදිලිව කියනවා උතුරේ දේශපාලනඥයන්ට රනිල් වික්‍රමසිංහ විශ්වාස කිරීම සඳහා වෙච්ච කිසිදු හේතුවක් නැහැ. අපි උතුරේ දේශපාලනඥයන්ට කියනවා උතුරේ ජනතාවගේ ප්‍රශ්නේ ලැජ්ජා නැති විදිහට පාවිච්ච් කරන්න එපා. දේශපාලන සිරකරුවන් සම්බන්ධ ප්‍රශ්නයට තාම උත්තරයක් දුන්නද? අතුරුදහන් කිරීම්වලට යුක්තිය ඉල්ලලා දින දහස් ගණනක උද්ඝෝෂණයක් තියෙනවා. අතුරුදහන් වුණු එක මිනිහෙක් වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ කරන්න රනිල් වික්‍රමසිංහට තිබුණු බාධාව මොකක්ද? වෙන මුකුත් නෙමෙයි. මහින්ද රාජපක්ෂ එක්ක ඩිල් එකක ඉන්නේ.අපිට උතුරේ ජනතාවට කියන්න තියෙන්නේ ඔබ පහුගිය අරගලෙත් එක්ක හිටගත්තා. ඔබ අරගලයේදී සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්න එක හිටගත්තා. මේ කිසිම දේශපාලනඥයෙකුට මේ රටේ ජාතික ප්‍රශ්නය වෙනුවෙන් උත්තර දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි ඇත්ත. එහෙනම් අපි කියනවා මේ ප්‍රශ්න සියල්ලට උත්තරේ තියෙන්නේ ජන බලය කියලා අපි පෙන්නුවා. ජාතිවාදය ජන බලයෙන් පැරද්දුවා. ජාතිවාදය නැතුව තමයි ගෝල්ෆේස් අරගලවල ගෝඨාගෝගම්වල අරගල ඉස්සරහට අරන් ගියේ. නැවත රනිල් රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයට හසුවීම නවත්තන්න ඕනා. උතුරේ ජනතාවගේ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී ඉන්න දකුණ දැන් ලෑස්ති වෙන්න ඕනා. ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහි සටන අපි ඉස්සරහට අරන් යන්න ඕනා. ඒවා රනිල් වික්‍රමසිංහලට මාධ්‍ය සංදර්ශන බවට පත්කරගන්න ඉඩ නොදී ඒ වෙනුවෙන් අරගල කරන්න ඕනා. සිංහල, තමිල්, මුස්ලිම් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම කියන සටන් පාඨය මිනිස්සු පාරට අරන් එන්න ඕනා. රනිල් වික්‍රමසිංහලා අවුරුදු ගණනක් කරේ උතුරේ ප්‍රශ්නය පාවිච්චි කරමින් දේශපාලන කරපු එක. ඡන්දයක් ලං වෙද්දී උතුරට කියනවා බලය බෙදන්නම්, අරක දෙන්නම් මේක දෙන්නම්. පොලිස් බලතල දෙන්නම්, ඉඩම් බලතල දෙන්නම් කියලා. අපි අහනවා දැනටත් ඒ මිනිස්සුනේ ඉඩම් තියෙන්නේ බහු ජාතික සමාගම් අතේ. උතුර දකුණ බේදයක් නැතුව ඉඩම් ටික එහෙම බේරන්න යන්නේ. එහෙනම් අපිට උතුරේ තමිල් තරුණයත් එක්ක දේශපාලන කරන්න තියෙනවා. අපි ඒ අඩිය තියෙනවා. උතුරේ ප්‍රශ්නයට විසඳුම් ඉල්ලන්න නම් අපි උතුරත් එක්ක එකතුවෙලා සටන් කරන්න ඕනා. අපි ඒ වැඩේ කරනවා. රනිල් වික්‍රමසිංහට අපි කියන්නේ උතුරේ දේශපාලනඥයා අල්ලගන්න තරම් ලේසියෙන් උතුරේ ජනතාව රවටන්න අපි දෙන්නේ නැහැ. අපි ඔවුන් එක්ක දේශපාලන කරන්න ලෑස්තියි. ඒ තරුණයත් එක්ක ඒ අරගලේ හිටගන්න ලෑස්තියි. අපි ඇත්ත විසදුමක් වෙනුවෙන් ඒකාබද්ධ වෙලා වැඩකරන්න ලෑස්තියි. ”

leave a reply