මත්ද්‍රවය මඩින්න ජනාධිපති කාර්ය සාධක බලකායක් හදනවලු

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බව පැවසේ.

අන්තරායකර සහ මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය ජනාධිපති වික්‍රමසිංහ, අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ අලස් විසින් සභාගත කරන ලදී. එවැනි ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා සුදුසු ප්‍රායෝගික ක්‍රියාමාර්ග හඳුනා ගැනීම, සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරේ.

ගත වූ සතිය තුළ අයිස් මත්ද්‍රව්‍ය පිළිබඳ සමාජය තුළ බරපතළ කථිකාවක් ඇති වූ අතර, පාසල් සිසුන් අතර ද මෙම මත්ද්‍රව්‍ය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව රජය පවසනවා.

පොලිසිය ද මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, ගුණා සහ පූකුඩුකන්නා ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් 09 දෙනෙකු ද ඉන්දියාවේ දී අත්අඩංගුවට ගැනුණා.

මොවුන් නම ගිය අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර විවිධ ඇමතිවරුන් පසුගිය කාලයේ ප්‍රකාශ කර සිටියේ මත්ද්‍රවය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවයි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ද මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ අදහස් පළ කළා.

අයිස් ග්‍රෑම් පහකට වඩා ළඟ තබාගෙන සිටින ඕනෑම අයෙකුට මරණීය දණ්ඩනය පනවන පාර්ලිමේන්තු පනතක් සම්මත වූ කර තිබේ. මීට දින කිහිපයකට පෙර හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සහ අයිස් තොගයක් සොයාගැනීමට පොලිසිය සමත් වූ අතර මේ වැරදිකරුවන්ට නිදහසේ සිටින්නට ජනාධිපතිවරයා හෝ රජය ඉඩ නොතබන බවත් දෙසැම්බර් 17 වැනිදා මාධ්‍ය අමතමින් අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටි‍යා.

විෂ මත්ද්‍රවය නිවාරණයට බව පවසමින් ජනාධිපති කාර්ය සාධක බලකා පත්කිරීම පසුගිය කාලය පුරා සිදුවිය. මෑත කාලීනව ගතහොත් මෛත්‍රිපාල සිරිසේන යුගයේ සිට ඒවා ක්‍රියාත්මක වේ. නමුත් ආණ්ඩුවම කියන ලෙස දැන් මත්ද්‍රවය රට තුළට පැමිණීම වැඩිවී තිබේ. එසේනම් පසුගිය කාලයේ පපත්කළ කාර්ය සාධන බලකාවලින් සිදුවූ දෙයක් නොමැත. සිදුවී ඇත්තේ ජනතාවගේ බදු මුදල් නාස්ති වීම පමණි. එසේම මෙම කාර්ය සාධන බලකාවලට හැමදාම ජාවාරම් ක්රියවලිඑ හල් මැස්සන් පෙනෙන නමුත් ලොකු ලොකු තෝරු මෝරු නොපෙනේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...