ශ්‍රී ලංකාවෙන් වඳ වී ගියේ යැයි විස්වාස කරනු ලැබු කළු කොටියා නැත්නම් Black leopards . ලංකාවෙි හමුවන වර්ණ ප්‍රභේදයකි. ලෝකයේම ජගුවර, පැන්තරා වැනි විශේෂයන්ගේ 11% පමණ මෙම වර්ණ වෙනස්කම් පිහිටනු ලබයි. සම මත කරන මෙලනින් වල බලපෑම නිසා සමේ සහ රෝම කූප වල අධික හෝ ලා කලු වර්ණයයන් (Melanistic) පිහිටනු ලබයි. මෙය ඇල්බිනො යන තත්වයේ සමිපුර්ණ විරැද්ධ පැත්තයි. කලු වර්ණය මෙම සත්ව ප්‍රජාවට සෙවනැලි සහිත බිම් වල සැගවී සිටිමට මොවුන්ට ලැබුනු ඉමහත් දායාදයකි. දිර්ඝ කාලයක් වඳවී ගියේ යැයි විශ්වාස කරන ලද මෙම කළු කොටි විශේෂය ලංකාවෙි ශ්‍රි පාද කැලය හා සප්තකන්‍යා වැනි ප්‍රදේශව ඉද හිට දැක තිබුන බව මිනිසුන් විසින් කියනු ලැබුවත් එය කැරමරාවක සාක්ෂි සහිතව සටහන් කරගනු ලැබුවේ මෑතකදිය.
ලොවින් වඳ වී යමින් සිටි මෙම සුවිශේෂී සත්ව විශේෂී ලංකාවෙි සිටින බළල් පවුලේ සමාජිකයන් අතරින් විශාලම සත්ව විශේෂයේ කලු වර්ණ දරන සුවිශේෂී කොටසකි. දැනට මියගිය කළු කොටියා ත් සමග තුනක් හෝ හතරදෙනෙක් වැනි ඉතා සුලු ඝනත්වයක් ලංකාව තුල ඇති බවට විශ්වාස කෙරේ. කැලෑ තුළ ඇති ආහාර හිගතාවයත් මෙවූන්ට ජීවත් වීමට තිබු කැලෑත් එළිපෙහෙළි කිරීම නිසාත් දිනෙන් දින ලංකාවෙි කළු කොටි මෙන්ම සමස්ත සත්ව ප්‍රජාවම අනතුරට ලක්වෙිමින් ඇත.
පසුගිය රජය විසින් වල් ඌරන් ඝාතනයට අවසර දීමත් සමඟ උගුල් අටවා සතුන් ඝාතනය කිරීම ඉතා ඉහළ ගොස් ඇත. එම උගුල් දඩයම් කරුවන් අටවනු ලබන්නේ සතුන් මස් පිණිස ලබා ගැනිමටත් මිත්‍යා මත නිසා දිවියන්ගේ සහ වෙනත් සතුන්ගේ සම ඇතුලු කොටස් ලබා ගැනීමටත්ය. කුමන අරමුණක් ඇතිව සත්ව ඝාතනසිදු කළද එය සත්ව හින්සනයක් වන අතර වඳවී යාමෙි අධික තර්ජනයකට ලක්ව ඇති දිවියා, කළු කොටි වැනි සත්ව විශේෂ ඝාතනය කිරීම හා ඒ සදහා සැළසුමි කිරීම අපරාධ ඝනයට වැටෙන අතර ඒ සදහා වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත අනුව දඩුවමි ලබා දිය හැකිය. ලංකාවෙි සතෙක් මැරුණ පසු බොහෝ විට මිනිසුන් වනජීවි දෙපාර්තමේන්තුවට චෝදනා කරයි. වන ජීවි දෙපාර්තමේන්තුව මිනිසුන්ට චෝදනා කරනු ලබයි. ටික දිනකින් සියල්ල අමතක කර තවත් සතෙක් ඝාතනය වු විට පමණක් දෙපාර්ෂවයටම සංරක්ෂණය මතක් වෙි.
නමුත් සුවිශේෂී වු කළු කොටියා පමණක් නොව රටක් වශයෙන් අපට ඇති ආවෙිණික සත්ව හා ශාක ආරක්ෂා කර ගැනීමටවත් අපට සැළසුම් නැත. ඒ සදහා සැළසුමි කෙතෙක් හැදුවද, යොජනා කෙරුවද නිසි සංරක්ෂණය වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නෙවෙි. කළු කොටියා මද්දට හසු වු පසු ඔහු ව බලන්න එතනට ගියි මිනිසුනුත්, වන ජීවි සංරක්ෂණය දෙපාර්තමේන්තුවත් මෙි මරණයට වග කිවි කිව යුතුයි. කළු කොටියා හෝ වෙනත් සතෙක් මද්දකට හසුවු විට පළපුරුදු බෙිරා ගැනීමෙි කණඩායමක් හැර වෙනත්ට පිරිස් සතා ලඟට කිටිටු වීම හෝ පේන මානයේවත් සිටිය යුතු නොවෙි. එයට හේතුව මිනිසුන් දකිනවිට බයට පත්වන සතුන් පැනයාමට උත්සහ දරනවිට තවතවත් මැද්දට හිර වීම සිදුවන නිසාය. කළු කොටියා බැලීමට පැමිණි කිසිවෙක් ඔහු බේරා ගැනීමට තම වගකීම ඉටු කර නැත.
එමෙන්ම වනජීවි සංරක්ෂණය දෙපාර්තමෙින්තුව සතු නොයෙක් අපහසු කමි නිසා හෝ මෙම සතා අහිමි කර ගැනිමෙි වගකීම ඔවුන්ද බාරගත යුතුය. රටක් වශයෙන් සුරැකිය යුතු දෙවල් සුරැකිය යුත්තේ නැවත ඒවා ඡන්ද පවත්වනවා මෙන්, හාල් මිල ඉහල දානවා හෝ අමාත්‍ය මණ්ඩල වෙනස් කරනවා සේ කිසිම ලෙසකින් කල නොහැකි නිසාය. මෙම සියලු සිදුවිම අපට නැවත කියන්නේ ආගම්, ජාති බෙිදයක් නොමැතිව මනුෂ්‍යත්වය ඉහලින් තබා එය ජනතාවට ඉගැන්විය යුතු බවයි.
අනෙක් ජාතිය ආගම ගැන නොතකන ජනයා කිසිම විටක කළු කොටියා ගැන හිතන්නේ කෙසේද?. පරිසර සංරක්ෂණ නීතිවලින් කළ නොහැකි බව පරිසර වෙිදීන් පවා අවබෝද කර ගත ගත යුතුය. ඒ වෙනුවෙන් යහපත් සමාජයක් නිර්මාණය කර ගැනීමට අප වග බලා ගමු.
රවීන්ද්‍ර කාරියවසම්