Breaking News

ගෝඨාගේ පොත සහ වජිරගේ ග්‍රන්ථය.

අද පොත් දෙකක් ජන ගත වෙලා. එකක් ජනතාව පලවා හැරපු ජනාධිපති ගෝඨාභයගේ “ජනාධිපති ධූරයෙන් මා නෙරපූ කුමන්ත්‍රණය” පොත.

අනිත් පොත වජිරගේ පොත. වජිරගෙ පොත කිව්වට ඒක වජිරගේ පොත නෙමෙයි. පුවත්පත් කාටුන් ශිල්පීන් රනිල් ජනාධිපති වුණායින් පසුව රනිල්ගේ දේශපාලනය අළලා ඇඳපු ඒවා එකතු කරලා වජිර පොතක් කරලා. මේ ග්‍රන්ථයට ඇතුළත් වෙලා තියෙන්නේ රනිල් ජනාධිපති උනයින් පසුව කාටුන් ශිල්පීන් ඇඳපු කාටුන් චිත්‍ර 600 ක්. ලොකු උත්සවයක් තියලා මේක නෙළුම් පොකුණෙදී එළි දක්වනවා.

රනිල් ප්‍රමුඛ ආණ්ඩුවක් හදාගෙන රනිල්ව නැවත ජනාධිපති කරගන්නට වජිරට පුදුම වුවමනාවක් තියෙන්නේ. රනිල් පින් ජනාධිපති විමෙන් පසු මිනිහා කියන කරන දේවල් කල්පනා කරද්දි හිතෙන්නේ රනිල්ගේ ආණ්ඩුවක් යටතේ මිනිහා අගමැතිකමට සෑහෙන්න ආසාවෙන් ඉන්නවා කියලා නෙමෙයිද? ඉතින් මේ හැම දෙයක්ම ඔය ආසාව වෙනුවෙන් විය නොහැකිද?

එහෙමයි කියලා නිහඬව ඉන්න බෑ මේ සෙප්පඩ විජ්ජා පෙන්නන්න වියදම් කරන්නේ කාගේ මුදල්ද?

ගෝඨාභය පොතක් ලියන්නේ ඇයි?

තමන්ව බලයෙන් නෙරපන්න කුමන්ත්‍රණයක් තිබුණු බව සනාථ කරලා මිනිහ විලිලැජ්ජාව වහගන්න. සිදුවූ ජනතා නැගිටීමේ සැර බාල කරලා සිදුවුණේ කුමන්ත්‍රණයක් කියලා සනාථ කරන්න. දැනට එළියට ඇවිත් තියෙන පොතේ කෑලි අනුව නම් පොත ලියලත් මිනිහා නාගන්න වා .

ඒ විතරක් නෙමෙයි රාජපක්ෂලාට පොත් ලියලා යලි දේශපාලන ස්ථාවරයක් හදාගන්නත් බැහැ. මෝඩ මොළ හත ලංකාවට එද්දිම, ජනතාව පලවා හැරපු ජනාධිපති පොතක් ලියලා ,ජනතාවගේ අනුකම්පාව දිනාගන්න උත්සාහ කරනවා නම් ඉදිරි මැතිවරණවලදී යළි රාජපක්ෂලා හිස ඔසවයි කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒ තරම් විහිළුවක් තවදුරටත් නැහැ.

අපි පොත කියවලම බලමු කුමන්ත්‍රණයේ කුමන්ත්‍රණකරුවන්ව හෙළිදරව් කරන්නවත් ගෝඨාභයට කොන්දක් තිබුණාද කියලා.

leave a reply