අම්මගෙ පුතා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ඊයේ (04) පවසා තිබුණි.

එහිදි අදහස් දැක්වු රෝහිත අබේගුණවර්ධන පවසා තිබුනේ තමන්ගේ මව ලබාදුන් උපදෙස අනුව තමන් 2015 දී මහින්ද රාජපක්ෂ දමා නොගිය බවයි. එසේම අද රනිල් ළඟට යන ලෙස තම මව උපදෙස් දුන් බවද ඔහු පවසා ඇත.

පොදුජන පෙරමුණ නියෝජනය කළ බොහෝ පිරිසක් රනිල් ළගට හේත්තු වී තිබේ. ඒ සඳහා විවිධාකාරයේ හේතු ඉදිරිපත් කරනු දක්නට ලැබේ රෝහිත අබේගුණවර්ධනටරනිල් ළගට යන්නට කියා ඇත්තේ ඔහුගේ මවයි. ඉදිරියේදී තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දිනාගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් උගසට තැබිය හැකි බවට වන ඉඟියක් රෝහිත දැන්මම ලබාදී තිබේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...