Breaking News

නිලධාරීන් විවේචනය කිරීම ගැන සඳහන් නිවේදනය ව්‍යවස්ථාවට පටහැනියි – තරුණ නීතිඥ සංගමය

2020 අප්‍රේල් මස 01 වන දින පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් රජයේ නිලධාරීන් විවේචනය කරන්නන් හට තදින් නීතිය ක්‍රියාත්මක කරන බවට වූ නිවේදනයත් ඉන් පසුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට පුරවැසියන්ට සහතික වී ඇති භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස උල්ලංඝනය කිරීමක් බව තරුණ නීතිඥ සංගමය පවසයි. එකී නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඔවුන් දක්වා තිබේ.

කොරෝනා මර්ධනයට මුවා වී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්ධනයට ඉඩ නොතබමු යන හිසින් යුතුව තරුණ නීතිඥ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

තවදුරටත් එකී මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වනවාද යන්න මෙම කාල සීමාව තුළදී ප්‍රශ්නකාරී බවයි. මේ වන විටත් අසත්‍ය තොරතුරු ප්‍රසිද්ධියේම පළ කල හිටපු අමාත්‍යවරුන් දෙපළක් වන රාජිත සේනාරත්න හා සරත් ෆොන්සේකා යන අයවත් එමෙන්ම කොරෝනා වාර්තා කිරීමේදී මිත්‍යාව සමාජගත කරන හා සැකය හා අවිශ්වාසය ජනතාව තුළ ඇති කරන ප්‍රසිද්ධ පෞද්ගලික ජනමාධ්‍ය නාලිකා වලට නීතිය ක්‍රියාත්මක වීමක් සිදු නොවන බව ඔවුන් පෙන්වා දෙයි. එනමුත් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරන සාමාන්‍ය තරුණයන් අත්අඩංගුවට ගැනීම සිදු වන බවත් ඔවුන් පෙන්වා දෙයි.

මෙම කාල සීමාව තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධීකරණය සිය කටයුතු අත්හිටුවා ඇති පසුබිමක සංවරණය හා තුලනය සම්පූර්ණයෙන් බිඳ වැටී විධායකයේ අත්තනෝමතිකත්වයක් බිහි වීමේ වැඩි ඉඩ කඩක් පවතින බවත් ඉන්දියාව වැනි රටවල් ආදර්ශයට ගනිමින් යම් ආරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ අවම තරමින් ශ්‍රේෂ්ඨාධිකරණය කැඳවිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

කොරෝනා මර්ධනයට මුවා වී ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හා දේශපාලන න්‍යෘය පත්‍ර මුදුන් පමුණුවා ගැනීමට ක්‍රියා නොකරන ලෙස තරුණ නීතිඥ සංගමය ආණ්ඩුවට බල කර සිටී.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

 

leave a reply