Breaking News

IMF කොන්දේසි අනුව එන නව ආදායම් බදු පනත කොහොම බලපායිද?

නව දේශීය අදායම් පනත් සංශෝධනය හරහා දැනට ජනනතාව පත්ව ඇති අසීරුතාවය උග්‍ර විය හැකි බවට අදහස් පළවෙමින් පවතියි.

මෙම කෙටුම්පත හරහා මාසික ආදායම රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි සියලු දෙනා ආදායම් බද්දට යටත්වීම සිදුවේ. මේ වන විට බදු අයකරන්නේ මාසික ආදායම රුපියල් 250,000 වැඩි යෙන් උපයන පුද්ගලයින්ගෙන් පමණි.

2017 අංක 24 දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් පනත් කෙටුම්පත (සංශෝධන) පිළිබඳ ගැසට් නිවේදනය ඔක්තෝබර් 12 වැනිදා නිකුත් කරනු ලැබීය.

මුදල් හා ආර්ථික ස්ථායිකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.

ගැසට් නිවේදනයට අනුව මාසික ආදායම රුපියල් ලක්ෂය හෝ ඊට වඩා වැඩි පුද්ගලයන්ගෙන් ආදායම් බද්දක් අයකරනු ලැබේ.

අඩුම බදු අනුපාතය 06%ක් වන අතර ඉහළම බදු අනුපාතය 36% කි.

රුපියල් ලක්ෂය දක්වා ආදයම් ලබන පුද්ගලයින්ට ආදයම් බදු අය කිරීමක් නොමැත.

කාණ්ඩ 06ක් යටතේ බදු අය කෙරන අතර 06%, 12%, 18%, 24%,30%, 36% ලෙස ආදයම අනුව බදු ප්‍රතිශත ඉහළ දැමෙනු ඇත.

2022 ඔක්තෝබර් 01 වනදා සිට 2023 මාර්තු 31 දක්වා තක්සේරු වර්ෂයේ ඉතිරි මාස 06හි ආදායම රුපියල් ලක්ෂ 6ක් හෝ ඊට අඩු නම් එම පුද්ගලයින් ආදායම් බදුවලින් නිදහස් වෙයි.

එම දෙවන මාස 06 හි ආදායම රුපියල් ලක්ෂ 6 සීමාව ඉක්මවන්නේ නම් එහිදී වැඩිවන පළමු රුපියල් 250,000 සඳහා 6%ක බදු මුදලක් අයකිරීමට යෝජිතය.

දෙවන මාස හයේ මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් 250,001 සිට රුපියල් ලක්ෂ 5 අතර ආදායම පවතින පුද්ගලයෙකුගෙන් 12%ක් සහ මුල් ලක්ෂ 5 සීමාව ඉක්මවා රුපියල් ලක්ෂ හතහමාරක් දක්වා 18%ක ආදායම් බද්දක් අයකරගැනීමට යෝජනා කර ඇත.

රුපියල් 750001ත් රුපියල් මිලියනයත් අතර ආදායම පවතින පුද්ගලයෙකු 24%ක් ද රුපියල් මිලියනයට වැඩි මිලියන 1.2ක් උපයන පුද්ගලයින්ගෙන් 30%ක ආදායම් බද්දක් සහ රුඔඉයල් මිලියන 1.2කට වැඩි ආදායමක් ලබන පුද්ගලයෙකුගෙන් 36%ක ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

2023 අප්‍රේල් 01 වනදා සිට ඉදිරි වර්ෂයක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත දේශීය ආදායම් බදු නීතිය අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12ක් වන පුද්ගලයෙකුගෙන් ආදායම් බදු අයකිරීමක් සිදු නොවේ.

එතැන් සිට උපයන අතිරික්ත රුපියල් ලක්ෂ 5 සඳහා සියයට 6ක බදු මුදලක් අය කෙරේ.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 10 දක්වා උපයන පුද්ගලයෙකුගෙන් සියයට 12ක්ද අය කෙරේ.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 15 දක්වා වාර්ෂිකව ආදායම උපයන පුද්ගලයෙකුගෙන් සියයට 18ක් බදු වශයෙන් අය කර ගැනීමට යෝජිතය.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 15 සිට රුපියල් ලක්ෂ 20 දක්වා වාර්ෂිකව ආදායම් ලබන පුද්ගලයෙකුගෙන් සියයට 24ක් මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 20 සිට රුපියල් ලක්ෂ 25 දක්වා වාර්ෂිකව උපයන පුද්ගලයෙකුගෙන් සියයට 30ක් හා මුල් ලක්ෂ 12 හැර ආදයම රුපියල් ලක්ෂ 25 ඉක්මවන පුද්ගලයෙකුගෙන් සියයට 36ක ආදායම් බද්දක් අයකරගැනීමට යෝජිතය.

කෙසේවෙතත් මෙම ආදායම් පනත් සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිත අහ්ටර එහිදී ද සංශෝදන එකතුව විය හැකි බැවින් මෙම ප්‍රතිශතයන් වෙනස්විය හැකි බවට ආදායම් බදු විශේශඥයින් පවසයි.

ඉදිරි කාලය තුළ මෙතෙක් ලබා දී තිබූ වසරකට රුපියල් මිලියන 1.2ක් වූ වියදම් සහන ද ඉවත් කිරීමට ද පනත යෝජනා කර ඇත.

මෙයට අමතරව සම්මත ආයතනික ආදායම් බදු අනුපාතය ඔක්තෝම්බර් මස පළමුවැනිදා සිට 30% දක්වා ඉහළ නංවනු ඇත. මෙතෙක් සහනදායී බදු අනුපාත භුක්ති විඳි අපනයන, වැවිලි, සෞඛ්‍ය සේවා සහ සංචාරක සහ තොරතුරු තාක්ෂණ වැනි අංශ වලත් මෙතැන්පටන් ආයතනික ආදායම් බදු අනුපාතය වූ 30% ක සම්මත ආයතනික බදු අනුපාතය ගෙවීමට සිදු වනු ඇත.

රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණි එකගතාවයන්ට අනුකූලව මෙම බදු සංශෝධනය සිදු කර තිබේ.

කෙසේවෙතත් මේ පිළිබඳ අදහස් දක්වන ලිබරල් ආර්ථික විශේෂඥයන් පවසන්නේ රජය ඉදිරිපත් කළ නව බදු පතිපත්තිය කිසිදු විශ්ලේෂණයකින් තොරව කරන්නක් බවයි. මේ හරහා මධ්‍යම ව්‍යවසායකයන්ට පහරක් එල්ල වෙනු ඇති බව ඔවුන්ගේ අදහසයි. ඊට අමතරව තවත් මතයක් වන්නේ මේ බදු ගැසීම සිදුකර ඇත්තේද ඉහළ වැටුපකට හිමිකම් කියන ශ්‍රමික පිරිසක් ඉලක්ක කරගෙන මිස ලාභ ලබන ව්‍යාපාරිකයන් ඉලක්ක කරගෙන නොවන බවයි.

leave a reply