විධායකයේ මර්දනය ගැන පාඩම් කියාදෙන ජූලි මාසය

දෙමළ ජනතාවට එරෙහි කෘර ප්‍රචණ්ඩත්වයක් දියත්වූ කළු ජූලියට වසර 39ක් ගතව තිබේ. කළු ජූලිය සිදුවන අවස්ථාවේ විධායක ජනාධිපතිවරයාව සිටියේ ජේ. ආර්. ජයවර්ධනයි. අද විධායක ජනාධිපතිවරයාව සිටින්නේ ඔහුගේ බෑනා වූ රනිල් වික්‍රමසිංහයි. ජේ. ආර්. ගේ බෑනා විසින් එම විධායක පුටුවේ සිටිමින්ම නිරායුධව ගෝල්ෆේස් අරගල භුමියේ රැඳී සිටි අරගලකරුවන්ට හමුදාව යොදවා ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ ද කළු ජූලියට වසර ගණනක් සපිරෙන මෙම ජූලි මසේදිමයි.

රනිල් වික්‍රමසිංහ කළු ජූලිය අවස්ථාවේ බලය හෙබවූ ආණ්ඩුවේත් කැබිනට් ඇමතිවරයෙකි. එම නිසා ජනතාවට එරෙහි මර්දනය එල්ල කිරීම රනිල් වික්‍රමසිංහට අමුතු දෙයක් නොවේ. එදා ජාතිවාදී මැර හමුදාවලට ඉඩදී බලා සිටින ලෙස ජේ. ආර්. සන්නද්ධ හමුදාවලට උපදෙස් දී තිබුණි. අද රනිල් එම සන්නද්ධ හමුදා යොදාගනිමින්ම අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කර තිබුණි.

ජේ. ආර්. තම බලය විධායක බලයක් දක්වා වැඩි කරගත්තේත් වෙළඳ පොළට කැමති පරිදි ලාභ ලැබීම වෙනුවෙන් මර්දනය දියත් කරමින් ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකසීමටයි. රනිල් වික්‍රමසිංහ දැන් කරමින් සිටින්නේද එහි වර්තමාන කාර්යභාරයයි.

එදා 83දී කෘරත්වයට ගොදුරුවූවේ දෙමළ ජනතාව වූ හෙයින් සිංහල ජනතාව බොහොමයක් නිහඬව ඇත. නමුත් 89 වනවිට සිංහල තරුණ තරුණියන් ටයර් සෑ මත දවා හළු කරන ලදී.

රාජ්‍යයේ මර්දනය එල්ල වන්නේ පළමුව ඔබේ අසල්වැසියාට වන්නට පුළුවන. එම අවස්ථාවේ ඔබ නිහඬව සිටියි නම් මර්දනය මා සොයා පැමිණි විට හඬ නැගීමට කිසිවෙකු නොසිටිනු ඇත. මේ අදහස පැවසුවේ මාර්ටින් නිමොලර් විසිනි.

එසේනම් 83 කළු ජූලියේදී, 88 – 89 තරුණ සංහාරයේදී , ජන ඝාතක යුද්ධයේදී, වර්තමාන මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රහාරයන්හිදී නිහඬව සිටි බහුතරයක් අබියසට මර්දනය පැමිණෙමින් තිබේ. ඉතිහාසය පුරා අපව මර්දනය කරන ලද විධායක පුටුවට ඉඩදී බලා සිටිය යුතුද?

 

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...