මරුමුසා ඇවිත් ගියේය

මගේ ආදර මරුමුසා
ඇවිත් ගියේය
අතින් අත නාල්ලාත්
ආදරය කරන්න පුලුවනැයි මට කියා දුන්
කිසිදාක මා සිප නොගෙන වුව
හදවතේ පතුලෙහිම මා රඳවන්න
පුලුවනැයි මට කියා දුන්
වැළඳ නොගෙන සමුගෙන යාමත්
සමුගැනීමකැයි මට කියා දුන්…
මගේ ආදර මරුමුසා
ඇවිත් ගියේය

අතෙහි ඇති සියලු බර කරට ගත්
සිතෙහි ඇති සියලු දුක් බිම තැබූ
තෑගි ගොන්නක බරක් අත තැබූ
ලොව ඇති රසම දේය ගෙනැවිත්
කන්න කන්නැයි තර්ජනය කෙරූ
පාරේ අයිනෙන් යන්නැයි බැන වැදුණු
මගේ ආදර මරුමුසා ඇවිත් ගියේය

තවත් වසර ගණනකට
හමු නොවන බව පවා
මා නොහඬවා මට කියපු
සමුඅරන් ගිය පසුත්
හදෙහි ආලෝකයක් දල්වාපු
ඒ එළිය දිගේ එන්නැයි
මට මඟ කියපු
මගේ ආදර මරුමුසා
ඇවිත් ගියේය.

 

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...