මරුමුසා ඇවිත් ගියේය

මගේ ආදර මරුමුසා
ඇවිත් ගියේය
අතින් අත නාල්ලාත්
ආදරය කරන්න පුලුවනැයි මට කියා දුන්
කිසිදාක මා සිප නොගෙන වුව
හදවතේ පතුලෙහිම මා රඳවන්න
පුලුවනැයි මට කියා දුන්
වැළඳ නොගෙන සමුගෙන යාමත්
සමුගැනීමකැයි මට කියා දුන්…
මගේ ආදර මරුමුසා
ඇවිත් ගියේය

අතෙහි ඇති සියලු බර කරට ගත්
සිතෙහි ඇති සියලු දුක් බිම තැබූ
තෑගි ගොන්නක බරක් අත තැබූ
ලොව ඇති රසම දේය ගෙනැවිත්
කන්න කන්නැයි තර්ජනය කෙරූ
පාරේ අයිනෙන් යන්නැයි බැන වැදුණු
මගේ ආදර මරුමුසා ඇවිත් ගියේය

තවත් වසර ගණනකට
හමු නොවන බව පවා
මා නොහඬවා මට කියපු
සමුඅරන් ගිය පසුත්
හදෙහි ආලෝකයක් දල්වාපු
ඒ එළිය දිගේ එන්නැයි
මට මඟ කියපු
මගේ ආදර මරුමුසා
ඇවිත් ගියේය.

 

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...

පොලීසියෙ ‘කට ඇරීම’ ගැන post එකට විරුද්ධව මානව හිමිකම් පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති,...