ලුණු ගේන්න ටෙන්ඩර් කැඳවනවා. සැමන්වලට පාලන මිලක් පනවනවා .

රට තුළ උද්ගත වෙමින් පවතින ලුණු අර්බුදය සමනය කර ගැනීම සඳහා මෙරටට ලුණු ගෙන්වීම ට රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මැදිහත්ව ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් කර තිබෙනවා. ඒ අනුව අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා  දෙසැම්බර් 21 වනදා සිට ආරම්භ කර ඇති ටෙන්ඩර් කැඳවීම 2025 ජනවාරි 02 වනදා  අවසන් වීමට නියමිතයි .

මේ ලුණු ගෙන්වීම සඳහා කැබිනට් මණ්ඩලය අවසර ලබා දී තිබෙන්නේ 2025 ජනවාරි මාසේ 31 වැනි දා දක්වා පමණයි . ජනවාරි දෙවැනි දා ටෙන්ඩර් විවෘත කිරීමෙන් පසුව අවම වශයෙන් ඉතිරි වන්නේ ලුණු මෙට්‍රික් ටොන් තිස් දාහක් මෙරටට ගෙන්වීම සඳහා දින විසි පහක පමණ කාලයකි . ප්‍රායෝගිකව ගත් කළ ා ලුණු ආනයනය කිරීම සඳහා ලබා දී තිබෙන මෙම කාලය ප්‍රමාණවත් නොවන අතර මේ හරහා තවදුරටත් අර්බුදය වැඩි වෙනවා පමණක් නොව වර්තමාන ආණ්ඩුවේ කළමනාකරණය පිළිබඳ  අවුල යළි වතාවක් සමාජය තුළ විවේචනයට ලක් වීමට ඉඩකඩ නිර්මාණය වෙනවා .

ලුණු පිටරටින් ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරන අතර දෙසැම්බර්  28 වන දා  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ටින්කළ මාලු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තියෙනවා .

ඒ අනුව එම උපරිම සිල්ලර මිල ගණන් පහත පරිදි වේ.

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...