දෙනවා කිව්ව සතොස සහන මල්ලට වෙච්චි දෙයක් නෑ

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස මගින් ජනතාවට ලබාදෙන බව පැවසූ සහන මල්ල බොහෝ අළෙවි සැල්වල නොමැති බව වාර්තා වේ.

ලංකා සතොස අළෙවි සැල්වලට ගියත් සහන මල්ල සඳහා අවශ්‍ය භාණ්ඩ නොමැති බව ජනතාව පවසයි.

ඇතැම් ලංකා සතොස ශාඛාවල සහන මල්ල සීමිත ප්‍රමාණයක් පමණක් තිබුණත් ඒවා කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

නාඩු හෝ සම්බා හෝ කිලෝ ග්‍රෑම් 10ක් සීනි කිලෝ එකක්, හයිලන්ඩ් කිරි පිටි පැකට් එකක් සහ තේ කොළ පැකට්ටුවකින් සහන මල්ල සමන්විත වේ.

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් හදුන්වා දී ඇති සහන මල්ලක මිල රුපියල් 1950කි.

මෙයට අමතරව සතොස මගින් දෙන හාල්, සීනි, පරිප්පු, ටින් මාලු ආදී භාණ්ඩ අළෙවිය සීමා කර තිබේ. පසුගිය 9වනදා සිට සතොස හරහා එක් පාරිභෝගිකයෙකුට ලබාගැනීමට හැකිවූවේ හාල් කිලෝ 3ක් පමණි.

බොහෝ ලංකා සතොස අළෙවිසැල් වල සීමා කර සහිතව හෝ හාල්, පරිප්පු ඇතුලු භාණ්ඩ මිලදී ගැනීමට නොමැත.

මිල දර්ශණය පමණක් ප්‍රදර්ශනය කර තිබුනත් සතොස ශාඛා මගින් මිලදී ගැනීමට භාන්ඩ නොතිබූ බව පාරිභෝගිකයෝ පවසයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...