චාමර සම්පත්ට හෙල්මට් ප්‍රහාරයක් එල්ල කළ එක් අයෙක් අත්අඩංගුවට, තවත් අයෙක් රෝහලේ

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට පුද්ගලයන් දෙදෙනෙකු පරුෂ වචනයෙන් බැන යතුරුපැදි හිස් ආවරණයකින් පහර දී ඇති බව බදුල්ල මූලස්ථාන පොලිසිය සදහන් කරනවා.

රාජ්‍ය ඇමති චාමර සම්පත් මහතා පෙරේදා (19) සවස බදුල්ල – බණ්ඩාරනායක මාවතේ ගමන් කරමින් සිටියදී හිතවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ කඩයක් අසල නැවතී සාමීචියේ යෙදිමින් සිට තිබෙනවා.

ඒ අසළ ඇමතිවරයාගේද හිතවතුන් දෙදෙනෙකු වන මෙන්ඩිස් සහ කන්නන් නැමැති පුද්ගලයින් දෙදෙනෙකුද සිට ඇති අතර ඔවුන් අමාත්‍යවරයාට පවසා ඇත්තේ ඔහු ඇමති ධූරයට පත් වූ පසු ලස්සන වී ඇති බවයි.

මීට උරණ වූ අමාත්‍යවරයා ඔවුන් දෙදෙනාට බැණ වැදී ඇති අතර පසුව දෙපාර්ශවය අතර වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

චාමර සම්පත් දසනායක මහතා ඔවුන් දෙදෙනාට දැඩිව බැණවදින අවස්ථාවේදී කන්නන් නැමැත්තා සිය අතෙහි තිබූ හෙල්මට්ටුවෙන් ඇමතිවරයාට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමට අදාළව කන්නන් නැහැත්තේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙන්ඩිස් නැමැත්තා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේදී විදුහල්පතිනියක් බලහත්කාරයෙන් දණ ගැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට වසර ගණනකට පෙර ඔහුට චෝදනා එල්ලවී තිබුණි.
රටෙහි ඇතිව තිබූ සමාජ ආර්ථික ව්‍යසනකාරී තත්ත්වය හමුවේ පසුගිය අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ඔහු පවසා සිටියේ
“මට ඉංග්‍රීසි භාෂාව බෑ
මට ජාත්‍යන්තරේ බෑ
මට ගිහිං පුලුවන්ද රට හදන්න”

Share post:

Popular

වෙනත් පුවත්

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...