ගාලු මුවදොර විරෝධය මර්දනය කිරීමේ කුමන්ත්‍රණකාරි උත්සාහයක් !

ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතා ස්ථානයේ දිවා රෑ පවතින ජනතාවගේ නැගිටීම මර්දනය කිරීමට ආණ්ඩුව සුදානම්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාවරණය කරයි.

කඩවත ප්‍රදේශයේ සන්නද්ධ හමුදා කඳවුරක විරෝධතා මර්දනය කිරීමේ පුහුණුවක් අද(15) පෙරවරුවේ සිදු කළ බව පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

මෙසේ සන්නද්ධ හමුදා කඳවුරුවල කැරලි මර්දන ආදර්ශ පුහුණුව ලබා දෙන්නේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයේ යෙදෙන තරුණ ප්‍රජාව මර්දනය කිරීමට නම්, ආණ්ඩුව වැරදි ගණන් බැලීමක් සිදුකරමින් සිටින බව ඔහු අවධාරනය කළේය.

එසේම ඇතැම් පුද්ගලයන් ආණ්ඩුවේ අවශ්‍යතා ඉටු කරමින් ජනමාධ්‍ය ප්‍රකාශ සිදු කරන නමුත් ඔවුන් කිසියම් කුමන්ත්‍රණකාරි අරමුණක යෙදී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. ගාලු මුවදොර විරෝධය මැදට විවිධ පුද්ගලයන් ඇතුළු කිරීමේ හා විරෝධයේ යෙදෙන ජනතයා දුර්වල කිරීමේ උත්සාහයන් ආණ්ඩුව ගෙන යමින් තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

Share post:

Popular

වෙනත් පුවත්

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...