Breaking News

ජනාධිපති පදවි ප්‍රාප්ති උත්සවයේදී ‘තහනම්’ මලක් රුවන්වැලි සෑයට පුජා කරලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් ඊයේ (19) පස්වරුවේ අනුරාධපුර, රුවන්වැලි සෑය අභියස පැවති ආශිර්වාද පිංකම අවස්ථාවේ රත් දෝතලු නම් වඳවීමේ තර්ජනයට මුහුණ පා තිබෙන ශාඛයක මල් වර්ගයක් පූජා කිරීම පිළිබඳ සමාජ මාධ්‍ය තුළ කතා බහක් ඇතිව තිබෙනවා.

ජනාධිපතිවරයා රුවන්වැලි සෑයට පූජාකළ දෑ අතර 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත මගින් වදවීමේ තර්ජනයට මුහුණදී ඇති බවට නම් කර තිබෙන රත් දෝතළු මලක්ද ඇතුළත්ව තිබෙන අයුරු දක්නට ලැබුණා.

රත් දෝතලු හෝ රන් දෝතලු (Loxococcus rupicola) ලෙස හැදින්වෙන මෙම මල ‘දෝතළු’ ශාඛයෙහි හටන්නා මලයි.

සබරගමුව ආශ‍්‍රිත වනාන්තර හා ගෙවතුවල මෙම ශාකය ස්වාභාවිකව හමුවන අතර ශ‍්‍රී පාද අඩවියෙහි වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.

මීටර 5 -12 පමණ උස සිහින් කඳකින් යුත් මෙම ශාකය බීජ මගින් ව්‍යාප්ත වන අතර පැළ, පැළවීමේ ප‍්‍රතිශතය අඩු නිසා ව්‍යාප්ත වීම සීමා වී තිබෙනවා.

එම නිසා දෝතලු ශාඛය 2012 රතු දත්ත ලැයිස්තුවෙහි වඳවී යෑමේ තර්ජනයට ලක්වූ ශාඛ විශේෂයක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

මෙම ශාකයට සිදුවන ප‍්‍රධානම හානිය වන්නේ මිථ්‍යා විශ්වාස නිසා රත් දෝතළු මල් විවිධ පූජාවන්ට යොදා ගැනීමයි.

ඇතැම් පුද්ගලයින් විසින් විවිධ භාර හාර ඉටුකිරීම සඳහා ශ‍්‍රීපාදස්ථානය, රුවන්වැලි සෑය, කැළණි විහාරය මුල්කරගනිමින් මහා පූජාවන් ලෙස මෙම මල් පූජාවන් සිදුකරනවා.

දෝතලූවල ඇති වඳවීයෑමේ හැකියාව නිසා 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත මගින් VIII උපලේඛනය යටතේ ආරක්ෂිත ශාක නාම ලේඛනයට ඇතුළත් කොට තිබෙනවා.

ඒ අනුව මෙම ශාකය හෝ ශාකයේ කොටසකට හානිදායක යම් ක‍්‍රියාවක් කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම මුළුමනින්ම තහනම් වනවා.

එම තහනම පෞද්ගලික දේපලක තිබෙන ශාකයකට පවා අදාළ වන ලෙස පනත සකස් කොට තිබෙනවා.

මෙම දෝතලූ ශාකයේ ඇති වටිනාකම නිසාම 2020 මාර්තු 03 වන දින වෙළෙඳාමෙන් තර්ජනයට ලක්වූ වන විශේෂ මුද්දර කාණ්ඩය යටතේ රත්දෝතලූ මලක් ඇතුළත් මුද්දරයක්ද නිකුත් කෙරුණා.

1979.03.26 දින නිකුත් කරන ලද මෙරට ආවේණික ශාක හා සතුන් නිරූපණය වූ මුදල් නෝට්ටු කාණ්ඩයෙහි රුපියල් 100 නෝට්ටුවටද දේතලු ශාකයේ රූපයක්ද එක් කර තිබෙන්නේ එම ශාඛය රැකගැනීමට ඇති ජාතික අවශ්‍යතාවය නිසයි.

leave a reply