“මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි සමස්ත කාන්තා ප්‍රජාවම අපකීර්තියට ලක් කළා”

Date:

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් කාන්තාවන්ට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් කර ඇති බව කැෆේ සංවිධානය පවසයි. එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවි පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳට අපහාස වන ආකාරයේ අසභ්‍ය ප්‍රකාශනයක් සිදුකිරීම ශිෂ්ට සමාජයක් විසින් අනුමත නොකරන බවයි.

රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුළදී පවා කාන්තාව මෙලෙස හෑල්ලුවට ලක් කරන්නේ නම් තිස්ස කුට්ටිආරච්චි වැනි මන්ත්‍රී වරුන් ජනතාවට නායකත්වය ලබාදෙන ආකාරය පිළිබඳ සිතාගත හැකි බව ආරියවංශ මහත්මිය අවධාරණය කරයි. කුමන තරාතිරමක සිටිය ද මුවින් පිටවන්නේ පුද්ගලයෙකුගේ බුද්ධියේ සහ අධ්‍යාපනයේ ප්‍රමාණය බව තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා විසින් තවදුරටත් පාර්ලිමේන්තුව හමුවේ තහවුරු කර ඇති බවද කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂිකාව පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ උත්තරීතර බව නොදත් මෙවැනි මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් නිසා ජාත්‍යන්තරය හමුවේ රට අපකීර්තියට පත්වන බවත් ජන නායකයින් කෙරෙහි මෙරට සමස්ත කාන්තා පරපුරේ විශ්වාසය ගිලිහී යන බවත් ආරියවංශ මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

වර්තමානයේ දේශපාලනයේ නිරත කාන්තාව මුහුණ දී සිටින ප්‍රධාන අර්බුදය මෙවැනි “ඊනියා චණ්ඩි පිරිමින්ගේ ” හැසිරීම් බව පෙන්වා දෙන ආරියවංශ මහත්මිය සඳහන් කරන්නේ මෙවැනි තර්ජනයන්ට මුහුණ දීම සඳහා බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් කැ‌ෆේ සංවිධානය විසින් මේ වනවිටත් දියත් කර ඇති බවයි.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...