Breaking News

ඇෆ්ඝනිස්ථානයේ අභීත විදි සිත්තරිය – Shamsia Hassani

උපාලි ජයසිංහ

කලාව මිනිසුන්ගේ මනස වෙනස් කරන අතර මිනිසුන් ලෝකය වෙනස් කරත්. ——ෂම්සියා හසානි

ඇය ලෝකප්‍රකට බැන්ක්සිව පවා සමචිචලයට ලක්කල ගැහැනියකි. බැන්ක්සි සිතුවමට නගා තිබුනේ අහසේ පාවෙන බැලුනයක් ඉල්ලා අඩන පොඩි දැරිවියකි. ඇය එම දැරිවියට පසුපසින් තරුණ ඇෆ්ගන් කෙල්ලක් උඩ යමින් තිබු කෙසෙල් ගෙඩියක් ආයාසයෙන් අල්ලා සිටින සිතුවමක් ඇද තිබුනේය. මක්නිසාද ඒ වනවිට කෙසෙල් යනු ඇෆ්ඝන් ගැහැණියකට මිල අධික හා ආයාසයෙන් ලබාගත යුතු පලතුරකි. කෙසේ වුවද ඇගේ එම සිත්තම චිත්‍ර වෙළදපොලේ ඩොලර් 120.000 කට විකිණී ගිය බව සදහන්ය. ඇගේ නවතම සිතුවම ‘‘ නපුරු බිය ‘‘ ලෙස මාතෘකා කර ඇත. එහි ඇස් පමනක් පෙනෙන සේ මුලු සිරුරම වසාගත් තරුන යුවතියකි. ඇය පසුපසින් ස්වයංක්‍රිය ගිනි අවි දරා සිටින මිනිසුන් කණ්ඩායමකි. ඇය ඔවුනට නොපෙනෙන සේ යමක් වසංකර ගෙන සිටි ඒ ඇයගේ පුංචි පියානෝවයි

1988 අප්රේල් උපත ලද ඇෆ්ගනිස්ථානයේ ප්රථම කාන්තා ග්රැෆිටි කලාකරුවා ඇයයි. සිය කලා කෘති තුළින් ෂම්සියා නිරූපනය කරන්නේ පිරිමි අධිපති සමාජයක ඇෆ්ගනිස්ථාන කාන්තාවන් ය. ඇය ලෝක ඡනතාවගෙන් ඉල්ලා සිටිනනේ ඇෆ්ගන් ගැහැණියගේ බුර්කාව හෙළා දැකීම මිට පිළිතුරක් නොවන බවයි
ඇගේ කලාව ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට වෙනස් මුහුණුවරක්, බලයක්, අභිලාෂයන් සහ ඉලක්ක සපුරා ගැනීමට හැකි මුහුණුවරක් ලබා දෙයි. ඇගේ කලා කෘතිවල භාවිතා කරන කාන්තා චරිතය නිරූපණය කරන්නේ ආඩම්බර, ඝෝෂාකාරී මිනිසුන්ගේ ජීවිතවලට යහපත් වෙනස්කම් ගෙන ඒමට හැකි අයෙකු ලෙස ය. ඇෆ්ගනිස්ථානයේ පශ්චාත් යුධ සමයේ අවසාන දශකය තුළදී, ෂම්සියාගේ කෘති රටේ සියලුම කාන්තාවන්ට විශාල වර්ණයක් හා ඇගයීමක් ගෙන දෙන ලදී.

ඇයගේ කලා කෘති ලොව පුරා දහස් ගණන් කාන්තාවන්ට ආස්වාදයක් ලබා දී ඇති අතර එරට ඇෆ්ගන් කලාකරුවන් සඳහා නව බලාපොරොත්තුවක් ලබා දී තිබේ. ලොව පුරා විවිධ රටවල සිය ග්‍රැෆිටි උත්සවය, කලා පන්ති සහ ප්‍රදර්ශන තුළින් සිය නිර්මාණශීලිත්වය ගෙන ඒමට හැකි ඇෆ්ගන් ජාතිකයන් සිය ගණනක් ඇය නිර්මානය කලාය හසානිගේ විශිෂ්ටබව ඇත්තේ එතැනය.

ෂමිසියා හසානි නැමති මෙම අභීත හා නිර්මානශිලි ගැහැනිය ගැන ලෝකයේ කිර්තිමත් ආයතන හෝ ව්‍යුහයන් සදහා ඇගේ පණිවුඩ මෙලෙස ලබා දී තිබෙි. ඒවා තුලින් ඇය අපට දෙන්නේ කුමන අදහසක්ද යන්න පමන‍ක් බලමු

Florence Biennal-

සිවිල් සමාජය හා ආයතන වල කාන්තා භූමිකාවේ වැදගත්කම වෙනුවෙන් සටන් කරන කලාකරුවා, ලෝකයේ සාමය, එකමුතුකම සහ නිර්‍මාණාත්මක භාවයේ නිදහසේ ප්‍රකාශ කිරීමේ වටිනාකම් උදෙසා සටන් කරන කාබුල් විශ්ව විද්‍යාලයේ ලාබාලතම මහාචාර්යවරයා ද වේ.

VICE

ඉස්ලාමය තුළ කලාවට අවසර නැතැයි සමහරු සිතති, එවිට ඇය පවසයි. “එතකොට එයාලට දැනෙනවා මාව නවත්වන්න ඕන කියලා. ඒ වගේම ඔවුන්ගෙන් සමහරෙක් මට නරක වචන කියාගෙන එනවා. ” ඉතින් මම හැමතිස්සෙම මෙි කාර්යය කරන්නෙ වටපිටාව ගැන විමසිල්ලෙන් ‘‘

Voice of America

‘‘ ඇෆ්ගනිස්ථානයේ මිනිසුන්ට මට කලාව හඳුන්වා දිය හැක්කේ ගැලරි සහ ප්‍රදර්ශන වලින් නොව මහ පාරෙනි .එය හොඳ ක්‍රමයකි.
මගේ කලා කෘති තුළින් මිනිසුන්ගේ සිත් වෙනස් කළ හැකි යැයි මම සිතමි.‘‘

Hammer Museum

‘‘සීක්‍රට් නැමති රූපවාහිනි කතා මාලාවේ කාන්තාවන් බුර්කාව පැලඳ සිටින අතර බටහිරයන් බොහෝ විට එය පීඩනයක් යැයි උපකල්පනය කරන නමුත් හසානිගේ කෘතියේදී ඇය ඇෆ්ගන් ගැහැනු විනිවිද පෙනෙන රෙදිපිළි වලින් ආවරණය කරයි ඉන් හසානි ඇෆ්ඝන් කාන්තාවගේ ශක්තිය හා මනුෂ්‍යත්වය හෙළි කරයි.

Huffington Post

හසානි ඇගේ වැඩ කටයුතු තුළින් ඇෆ්ගනිස්ථානය ගැන වෙනස් අදහසක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ – එය යුද්ධයට සහ ප්‍රචණ්ඩත්වයට පහසුවෙන් සමාන කළ නොහැකි අලංකාරය සහ කලාවයි. “මිනිසුන්ගේ මනසින් යුද්ධයේ සියලු නරක මතකයන් නේක වර්ණවලින් ආවරණය කිරීමට මට අවශ්‍යය.”

The Guardian

2005 දී ඇය නැවත ඇෆ්ගනිස්ථානයට පැමිණි විට, යුද්ධය පිළිබඳ නිෂේධාත්මක භෞතික සිහිගැන්වීම් ආවරණය කිරීම සඳහා කලාව භාවිතා කිරීමේ ක්‍රම සෙවීමට ඇය තීරණය කළාය. හසානි මෙසේ පවසයි: “මම යුද්ධයට ප්‍රසිද්ධ රටක් වන ඇෆ්ගනිස්ථානයෙන් ‘‘අපි එකි මාතෘකාව වෙනස් කරමු යැයි කියමු , එය ඔබට ඇෆ්ගනිස්තානය සිහිවනවිට ‘‘ කලාව සමඟ සාමය ‘‘ සිහිවීමකට පෙරලමු ”

leave a reply