සෞඛ්‍ය බලධාරීන්ට නොදන්වා හමුදාව ගැසූ එන්නත් නිසා දෙහිඅත්තකණ්ඩිය ඇඟලුම් සේවකයන් සිය ගාණක් රෝහල් ගත කරයි

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සිදුකරන ලද එන්නත්කරණ වැඩසටහනක් හේතුවෙන් එහි සේවකයන් සියයකට වැඩි පිරිසක් මේ වන විට සංකූලතා නිසා රෝහල් ගත කර ඇතැයි දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වාර්තා කර තිබේ. සේවකයන් පවසා ඇත්තේ හමුදාව විසින් එන්නත් ලබාදීම සිදුකරන ලද බවයි.

මේ අතර දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ පෙරේදා (27) දිනයේ අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පැවති මෙම එන්නත්කරණ වැඩසටහන පිළිබදව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය දැනුවත් කර නොතිබූ බවයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඒ අනුව අදාළ එන්නත්කරණ වැඩසටහනේදී එන්නතේ සංකූලතා මතුවීම හේතුවෙන් ඇඟලුම් කම්හලේ සේවකයින් 100 කට ආසන්න සංඛ්‍යාවක් රෝහල් ගත කර ඇති අතර තවත් පිරිසකට සංකූලතා ලක්ෂණ ඇතිවී තිබේ.

මෙවැනි ක්‍රියාමාර්ග තුළින් එන්නත්කරණ වැඩසටහන පිළිබඳව පවතින විශ්වසනීයත්වයට හානි සිදුවන බවත් වගකීමකින් තොරව සිදුකරන මෙවැනි එන්නත්කරණ වැඩසටහන් පිළිබදව ජනතාව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසයි.

 

 

 

 

 

 

 

 

කොළඹින් පිට ආයෝජන කලාපවල සේවකයන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම යුද හමුදාවේ වෛද්‍ය බළකායේ නිලධාරීන් විසින් පසුගියදා (25) ආරම්භ කරනු ලැබූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද පවසා තිබුණි.

සෞඛ්‍ය වෘත්තිකයන් පවසන ආකාරයට එන්නත් ලබාදීම සඳහා පුහුණුව සහ අත්දැකීම් සහිත සේවකයන් සෞඛ්‍ය සේවය තුළ ප්‍රමාණවත් ආකාරයෙන් සිටියි. නමුත් ආණ්ඩුව සෑම දෙයකදීම හැසිරෙන ආකාරයටම මෙහිදීද හමුදාව ඒ සඳහා යොදවා ඇත.

 

 

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...