අන්තරේ පා ගමනට ජවිපෙ උදව් කලාද..? කෙළෙව්වද…?

Date:

අන්තර් විශ්ව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ බලේ අත්පත් අත්පත් කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ උත්සහා කරණු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස බෙදී වෙන් වූ දා සිටය.. එහෙත් ඔවුන්ට එය තවමත් හැකියාව ලැබී නැත… ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාණය කළ දේශපාලනය සංස්කෘතිය පිළිබඳව අපට ඉතාමත් හොඳ අදහසක් ඇත.. ඒ උපන්ගෙයිම තමන්ගේ කල්ලියේ නොවේ නම් ඊට පහර දෙන මම තමන්ගේ යටතේ තිබිය යුතු යැයි විශ්වාස කරනු ලබන නායකත්වයෙන් යුතු කණ්ඩායමකි..

ඒ මඟ යමින් ඊයේද ජනතා විමුක්ති පෙරමුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් බෙදා වෙන් කොට අන්තර් විශ්ව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන කඩාකප්පල් කිරීමට ගත් උත්සාහයන් කිහිපයක් පිළිබඳව සමාජය තුල කතිකාවතක් නිර්මාණය වී තිබේ.

ඒ අනුව පේරාදෙණිය වැනි විශ්වවිද්‍යාලවල ජනතා විමුක්ති පෙරමුණ හිතවත් මහා ශිෂ්‍ය සංගම්වල සාමාජිකයන් නැවතීමට ඔවුන් නිල නිවේදන නිකුත් කොට තිබිණි.. එහෙත් ජනතා විමුක්ති පෙරමුණට හෝ එහි නායකත්වය දරන ශිෂ්‍ය කණ්ඩායම් වලට එය සිදුකර ගැනීමට හැකියාව ලැබුණේ නැත.. බොහෝ විශ්ව විද්‍යාලවල ජනතා විමුක්ති පෙරමුණට හිතවත් සහෝදරයන් මෙම පා ගමනට සහභාගී නොවිය යුතු බව දැන්වුවද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ ශිෂ්‍යාවන් එකී තීන්දු වලට අවනත නොවෙමින් අන්තර් විශ්ව විශ්ව විද්‍යාලයේ තීන්දු වලට අනුගත වෙමින් ඊයෙ පාගමනට පැමිණි බව වාර්ථා වේ…

ජනතා විමුක්ති පෙරමුණේ මේ අශිෂ්ඨ දේශපාලන භාවිතාව පිළිබඳව වසර ගණනක් ප්‍රායෝගික දේශපාලනික ක්‍රියාමාර්ග හරහා දන්නා අපි ජනතා විමුක්ති පෙරමුණට මේ මොහොතේ ඒ මෙලෙස මතක් කර සිටින්නෙමු…

ආනන්ද සර්පයා දුටුවාද..

දුටුවේය ස්වාමීණී..

මුගුරක් අරන් තැළුවද… ඌටමය සිත…

ආනන්ද තැලීමද ඇලීමේ විදිහක්‍ ය.. නොතලන්න.. හැරයන්න…

සමාජවාදී කලා සංගමයේ දේශපාලනය කල ජවිපෙ පෙසපෙ වෙන් වීමේදී ඉවත් වූ කවියෙකු වන මහේෂ් කුමාර කවියාගෙ මේ කවිය උදෘතය කර ගණිමින් අපි ජනතා විමුක්ති පෙරමුණේ
නායකයන්ට මෙසේ කියමු..

දැන්වත් ඔය දෙබඩි කුහක වමේ දේශපාලනයට තිත තබන්න..

ඔබේ දේශපාලනය පිළිබඳව අපට කුමන අදහසක් ඇති මුත් ඔබ දේශපාලන ව්‍යාපාරය විශ්වාස කරනු ලබන මේ සමාජ ක්‍රමය වෙනස් විය යුතු යැයි විශ්වාස කරන තරුණ තරුණියන් බොහෝ ප්‍රමාණයක් ඔබ සතුව ඇත.. ඒ සහෝදරයන් ගේ සහෝදරියන් ගේ ක්‍රමය වෙනස් කිරීමේ දේශපාලනයට ඔබ කරනු ලබන්නේ බරපතළ හානියකි.. අඩුම තරමේ මේ මොහොතේ ක්‍රමය වෙනස් කිරීමේ දේශපාලනයට බාධා ඇති කල මුත් ඔබව දේශපාලන ව්‍යාපාරය විශ්වාස කරනු ලබන සහෝදරයන් ගේ සහෝදරියන්ගේ දේශපාලනයට ක්‍රමය වෙනස් කිරීමේ දේශපාලනය එපා කරවන ජවිපෙ උපන්ගෙයිම හටගත් කුහක නරුම දේශපාලනය මේ මොහොතේ වත් නවතන මෙන් අපි
ආදරයෙන් ඉල්ලා සිටිමු..

අද දවසේ එකක්ව තිබිය යුතු දේශපාලන ව්‍යාපාරය
දෙකක් තුනක් බවට පත්වූයේ ඔබේ ඔය කුහක දෙබඩි දේශපාලනය නිසා බව අපි තවමත් විශ්වාස කරන්නෙමු..

ආදරණීය සහෝදරවරුනි දැන්වත් නිවැරදි මාවතට එන්න..

  • රහස් කියන විමුක්තිකාමියෙක්ගේ සටහණක්-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...