Breaking News

සිවිල් ජනයාට මිලිටරි ආයතන තුල අධ්‍යාපනය ලබා දීම මුළුමනින්ම වැරදිය! – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

එක් පැත්තකින් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්යාල (KNDU) පනත් කෙටුම්පතට එරෙහි මහජන විරෝධය තීව්ර වීම සහ අනෙක් පැත්තෙන් KNDU විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථයට ගෙන ඒම සඳහා 1978 විශ්වවිද්යාල පනත සංශෝධනය කිරීමට දරන ලද හදිසි රහසිගත උත්සාහයන් අතරේ, රජයේ ඉහළ හමුදා නිලධාරීන් සිවිල් හා මිලිටරි අධ්යාපනය මිශ්ර කිරීමේ මෙම විකෘති සහගත ව්යාපෘතිය යුක්තියුක්ත කිරීමට බොළඳ තර්ක ඉදිරිපත් කරන බව අපි නිරීක්ෂණය කරමු. 2012/07/22 දින පවත්වන ලද ප්රවෘත්ති සාකච්ඡාවේදී ප්රකාශිත අදහස් සනාථ කරන්නේ මෙම ව්යාපෘතියේ නියැලී සිටින අයට උසස් අධ්යාපනයේ හෝ පොදුවේ අධ්යාපනයේ මූලධර්ම පිළිබඳ අවබෝධයක් නොමැති බවයි. අපගේ පෙර ප්රකාශයේ අප නිරීක්ෂණය කළ පරිදි මෙම ව්යාපෘතියට මඟ පෙන්වන පටු මූලධර්ම දෙකක් තිබේ: එකක් ‘විනයගරුක සමාජයක්’ එනම් ප්රශ්න නොකර නියෝග පිළිපදින පිරිසක් නිර්මාණය කිරීම, අනෙක උසස් අධ්යාපනය භාන්ඩකරනය කර ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීම.
ප්රවෘත්ති සාකච්ඡාවේදී “කථිකාචාර්යවරුන්ගෙන් 90% ක්ම සිවිල් වැසියන්” යැයි පවසනු ලැබුවේ සිවිල් කථිකාචාර්යවරු සිටීම කිසියම් ඉන්ද්රජාලික ආකාරයකින් KNDU මිලිටරි නොවන ආයතනයක් බවට පරිවර්තනය කරන්නේ යයි සිතන්නා සේය. මෙය ප්රකාශිත අසත්යයකි. KNDU විසින් “නේවාසික නොවන ශිෂ්යයන් සඳහා ශිෂ්ය මාර්ගෝපදේශය” නමින් ප්රකාශනයක් නිකුත් කරන අතර එය සිවිල් සිසුන්ගේ හැසිරීම නියාමනය කිරීම සඳහා දැඩි මාර්ගෝපදේශ සපයයි. මෙම විකාර ලේඛනයේ සඳහන් වන සියලුම සිවිල් සිසුන් නිල ඇඳුමින් සිටිය යුතු බව, හමුදා නිලධාරියාට “සර්” ලෙස ඇමතිය යුතු බව, කථිකාචාර්යවරයකු හෝ හමුදා නිලධාරියෙකු පන්ති කාමරයකට ඇතුළු වන විට නැගී සිටිය යුතු බව, හමුදා නිලධාරීන් කැම්පස් පරිශ්රයේදී හමු වූ විට ඔවුන්ට ආචාර කල යුතු බව ආදිය එහි ඇති පාලිත හැසිරීම් වලින් සමහරකි. ඊට අමතරව විවාහක සිසුන් පිළිගත නොහැකි අතර සිසුවියක් ගැබ් ගතහොත් ඇය අධ්යයන පාඨ මාලාවෙන් නෙරපා හරිනු ඇත. සමහර විට මෙම තහනම් නියෝගවල වඩාත්ම විකාර සහගත දෙය නම් සිසුන්ට තම ගුරුවරුන් අපහසුතාවයට පත්වන අයුරින් ප්රශ්න කිරීමට නොහැකි වීමයි. විවේචනාත්මක ප්රශ්න කිරීම් මත පදනම් වූ අධ්යාපනයේ සොක්රටික් දර්ශනයේ මූලික මූලධර්මයක් වන ‘ඵලදායී අසීරුව’ යන සංකල්පය KNDU හි බුද්ධිමත් නායකත්වය කිසි දිනෙක අසා නැති බව පෙනේ. සොක්රටික පන්ති කාමරයේ ගුරුවරයාගේ මූලික කාර්යභාරය වන්නේ දිගින් දිගටම ප්රශ්න කිරීම වෙත ශිෂ්යයන් තල්ලු කරමින් ශිෂ්යයින් තුළ විවේචනාත්මක ස්වාධීන චින්තනය ප්රවර්ධනය කිරීමයි. ඕනෑම ආකාරයක චින්තනයක් ඇති මිනිසෙකුට KNDU තුලින් පෙනෙන්නේ උසස් අධ්යාපන ආයතනයක් නොව හමුදා ආරම්භක කඳවුරකි.
KNDU නායකත්වය සහ රජයේ හමුදා නිලධාරීන් ද ‘විනය’ යන යෙදුම හිතුමතේ යොදා ගනිති. ‘විනය’ යනු විවිධ අර්ථයන් සහිත වචනයක් බව ඔවුන්ට මතක් කර දීමට අපි කැමැත්තෙමු. විනය යනු එහි පුළුල් අර්ථයෙන් නිශ්චිත විෂය ක්ෂේත්රයක යම් ආකාරයක දැඩි පුහුණුවක් ලබා ගැනීමයි. භෞතික විද්යාව, රසායන විද්යාව, ඉතිහාසය, දර්ශනය යනාදිය ‘විනයන් (ශික්ෂණයන්)’ ලෙස හඳුන්වන්නේ මේ නිසා ය – ඒවා නිශ්චිත විශ්ලේෂණාත්මක ආකාරවලින් සිතීමට මනස පුහුණු කරයි. නමුත් KNDU හි විනය තේරුම් ගත හැක්කේ එය “නේවාසික නොවන සිසුන් සඳහා ශිෂ්ය මාර්ගෝපදේශය” තුළ පන්ඩිතමානි ලෙස අර්ථ නිරූපණය කර ඇති ආකාරය අනුවය. ප්රජාතන්ත්රවාදී සමාජයක විනය පැන නගින්නේ ප්රශ්න නොකරන කීකරුකම සහ අධිකාරියට ඇති බිය නිසා නොවන බව KNDU න්යාය පත්රයට ඉදිරියට ගෙන යන රජයට සහ රජය තුළ සිටින අයට මතක් කිරීමට අපි කැමැත්තෙමු. ප්රජාතන්ත්රවාදී සමාජවල විනය පැන නගින්නේ කැමැත්තෙන් මිස බලහත්කාරයෙන් නොවේ. මිනිසුන් නීති රීති අනුගමනය කරන අතර මිනිසුන් සමාජයේ හැසිරෙන්නේ එය නිවැරදි දෙය යැයි විශ්වාස කරන නිසාත් එය සමාජයේ සාමූහික යහපත උදෙසා වන නිසාත් ය. නිසි අධ්යාපන ක්රමයක් ඇති කළ යුතු ආචාරධර්ම මේවාය.
ශාස්ත්රාලයීය නිදහස සහ විශ්වවිද්යාලය ස්වාධීන විවේචනාත්මක චින්තනයේ අවකාශයක් ලෙස 1999 දී ශ්රී ලංකාවේ ශ්රේෂඨාධිකරණය ලබා දුන් වැදගත් තීන්දුවක දී ප්රබල ලෙස තහවුරු කර ඇති බව ද අපි නිරීක්ෂණය කරමු. 1978 විශ්ව විද්යාල පනතට සංශෝධන මාලාවක් ගෙන ඒමට එවකට රජය උත්සාහ කළ අතර එමඟින් විශ්වවිද්යාල කළමනාකරණයට මැදිහත් වීම සඳහා අධ්යාපන අමාත්යවරයාට පුළුල් අභිමතය පරිදි බලතල ලබා දෙන ලදී. ශ්රේෂ්ඨාධිකරණය මෙම සියලු සංශෝධන ප්රතික්ෂේප කළේ ඒවා ශාස්ත්රාලයීය ස්වායත්තතාව මූලධර්මය උල්ලංඝනය කරන්නේය යන පදනම මත ය. මෙම තීන්දුව ලබා දීමේදී ශ්රේෂ්ඨාධිකරණය ලීමා ප්රකාශය – යුනෙස්කෝව විසින් කෙටුම්පත් කරන ලද ජාත්යන්තරව පිළිගත් මූලධර්ම සමූහයක් උපුටා දක්වමින් එම ශාස්ත්රාලයීය ස්වාධීනත්වය ඕනෑම විශ්වවිද්යාල පද්ධතියක වැදගත් අංගයක් ලෙස පිළිගනී. KNDU වැනි ආයතනයක ශාස්ත්රාලයීය නිදහසෙහි ඇති ලක්ෂණ මොනවාදැයි අපි විමසීමට කැමැත්තෙමු. අන්ධ කීකරුකමේ මූලධර්ම මත ක්රියාත්මක වන උසස් අධ්යාපන ආයතනයක් ජාතික සංවර්ධනයට අවශ්ය බුද්ධිමත් ප්රතිපත්ති සම්පාදනය සඳහා තීරණාත්මක, නව්ය චින්තකයින් බිහි කරන්නේ කෙසේද?
KNDU පනත් කෙටුම්පත එම නිශ්චිත ආයතනයේ පාලනය පිළිබඳව වන අතර එය පවත්නා රාජ්ය විශ්වවිද්යාල පද්ධතියට හෝ විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ බලයට කිසිදු බලපෑමක් නොකරනු ඇති බවට ද 21/07/2021 රැස්වූ ප්රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වීය. මෙයද පැහැදිලි අසත්යයකි. යෝජිත KNDU පනත් කෙටුම්පත ආරම්භ වන්නේ මෙම පනතේ විධිවිධාන “1978 විශ්වවිද්යාල පනතේ සඳහන් කිසිවක් නොතකා” අදාළ වන්නේය යන වචන වලින් ය. KNDU පනත් කෙටුම්පත විශ්වවිද්යාල පනත ඇතුලතින් බිඳදැමීමට උත්සාහ කරන බවට මෙය පැහැදිලි ඇඟවුමක් වන අතර මෙම පනත් කෙටුම්පත මගින් අපේක්ෂා කරන පාලක මණ්ඩලය “ඡායාමය විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසමක්” ලෙස ක්රියා කරනු ඇත. ශ්රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සහ රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය (GMOA) KNDU පනතට දැඩි විරෝධය පළ කර ඇත්තේ මේ හේතුව නිසා ය. මෙම පනත් කෙටුම්පත බලාත්මක කළහොත් නිසැකවම විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථයට පිටින් සමාන්තර විශ්වවිද්යාල පාලන ව්යුහයක් නිර්මාණය වනු ඇති අතර මෙම සමාන්තර ව්යුහය මගින් ගුණාත්මකභාවය, ප්රමිතීන් සහ දෘඩතාවයන්ගෙන් තොර කුසලතා රහිත උසස් අධ්යාපනයේ මිලිටරීකෘත හා වානිජකරණය වූ ආකෘතියක් ප්රවර්ධනය කරනු ඇත.
අප නැවත අවධාරණය කිරීමට කැමති කාරණය නම් ණභෘඹ පරිපාලන ව්යුහය සහ සංස්කෘතිය මිලිටරීකරනය වීමයි. ආයතනයක තීරණ ගන්නන් මුළුමනින්ම පාහේ මිලිටරි වන විට එම ආයතනයේ සංස්කෘතිය නිරායාසයෙන්ම මිලිටරි වනු ඇත. ඉගැන්වීමේ කාර්ය මණ්ඩලයේ හෝ පරිපාලනයේ පහළ මට්ටමේ සිවිල් වැසියන් එය වෙනස් නොකරනු ඇත. සිවිල් පාලනයේ අංශවලට අවුල් සහගත ලෙස මිලිටරිය ඇතුල් කිරීමේ ඍණාත්මක ප්රතිවිපාක අප දැනටමත් දැක තිබේ. වෛද්යවරුන්, හෙදියන් සහ ඡ්යෂ ඇතුළු පුළුල් පරාසයක සෞඛ්ය වෘත්තිකයන් බරපතල ගැටළු වලට මුහුණ දී ඇත්තේ දැනට ක්රියාත්මක වන සෞඛ්ය කළමනාකරණයේ මිලිටරි නායකත්වය නිසාය. සමාජය තුළ හමුදාවට නිශ්චිත හා සුවිශේෂී කාර්යභාරයක් පැවරේ. සිවිල් සමාජය යනු වෙනම ක්ෂේත්රයකි. මේ දෙක වෙන වෙනම නඩත්තු කළ යුතුය. මිලිටරි සංස්කෘතිය හා මිලිටරි අධ්යාපනය සාමාන්යකරණය කිරීමට උත්සාහ කිරීම ප්රජාතන්ත්රවාදයේ මූලධර්ම තවදුරටත් වැදගත් නොවන විකෘති සමාජයක් බිහිවීමට තුඩු දෙනු ඇත. මේ රටේ මූලික නීතිය වන ශ්රී ලංකාවේ ව්යවස්ථාව ප්රජාතන්ත්රවාදී පාලනය සඳහා ශක්තිමත් රාමුවක් සපයයි. මිලිටරි හා සිවිල් අධ්යාපනය බලහත්කාරයෙන් එකට එකතු කිරීමේ හදිසි හා ගොරහැඩි ව්යාපෘතිය වහාම නතර කරන ලෙසත්, ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ දක්වා ඇති මේ රටේ ප්රජාතන්ත්රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සහතික කරන ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිමු.

leave a reply