Breaking News

යාපනය රෝහලත් වකුගඩු ජාවාරමේ කොටසක් වෙයි .

නෙත්මි පෙරේරා

ඉන්දියාවේ වකුගඩු ජාවාරමේ ගොදුරු බවට පත් වුවන්

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සාමාන්‍යයෙන් සිදු කරනුයේ වකුගඩු අකර්මණ්‍යතාවය සඳහා ය. වකුගඩු අකර්මණ්‍යතාවයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා වකුගඩු බද්ධ කිරීම කළ හැකිය. වකුගඩු බද්ධ කිරීම ඔවුන්ට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා දෙයි. වකුගඩු බද්ධ කිරීම වඩාත් සාර්ථක ශල්‍ය ප්‍රතිකාරයකි. වකුගඩු රෝග, දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි තත්වයන් නිසා වකුගඩු අකර්මන්‍ය විය හැකිය. වකුගඩු අකර්මන්‍ය වූ රෝගීන් සඳහා වකුගඩු බද්ධ කිරීම නිර්දේශ වෙයි.
නමුත් වකුගඩු බද්ධ කිරීම මිල අධික ප්‍රතිකාරයකි. පොහොසත් වකුගඩු රෝගීන් සැත්කම් සඳහා වකුගඩු පරිත්‍යාග කරන්නන්ට විශාල මුදලක් ගෙවීමට කැමැත්තෙන් සිටිති.මේ හේතුවෙන් වකුගඩු වැනි මිනිස් අවයව ජාවාරම් හිස ඔසවා ඇත.

මිනිස් අවයව / ඉන්ද්‍රිය ජාවාරම නීති විරෝධී ය. අවයව නීත්‍යානුකූලව පරිත්යාග කිරීම සඳහා පුළුල් නීතිමය සීමාවන් නොමැති වීම හේතුවෙන් ඒ යටතේ කිසිදු රෙගුලාසි නොමැත. එහි ප්‍රතිඑලයක් ලෙස සමහර ශ්‍රී ලාංකික වෛද්‍යවරු මෙම නීති විරෝධී වෙළඳාමට ආකර්ෂණය වී ඇත.නීති විරෝධී වකුගඩු ජාවාරම මගින් ඔවුන් අධික මුදලක් උපයති.

2016 දී ඉන්දීය පොලිසිය ආචාර්ය එල්. එච් හිරනන්දනී රෝහලේ අවයම ජාවාරම් කිරීම නිසා වෛද්‍යවරුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එවකට එම රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍යවරුන් ඇතුළු බොහෝ දෙනෙක් මිනිස් අවයව / ඉන්ද්‍රිය ජාවාරම් වංචාවකට සම්බන්ධ වූ බව වාර්තා විය. වකුගඩු ජාවාරමට ඉ න් දියාවේ වැට බැඳීමත් සමගම ජාවාරම්කරුවෝ ලංකාව දෙසට යොමු වූහ. ශ්‍රී ලංකා නීතියේ අඩුලුහුඩුකම් නිසා වකුගඩු වැනි මිනිස් අවයව ජාවාරම් ලංකාවේ කිරීම ඔවුන්ට පහසු විය.

නීතිවිරෝධී වකුගඩු බද්ධ කිරීම් සමඟ ශ්‍රී ලංකාවේ සමහරක් වෛද්‍යවරුන් මෙම මාෆියාවට සම්බන්ධ බව ඉන්දීය පොලිසිය පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාව වසර ගණනාවක් තිස්සේ නීති විරෝධී වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. ප්‍රවෘත්ති වාර්තාකරු මිරැන්ඩා ප්‍රින්න් පවසන පරිදි වකුගඩු බද්ධ කිරීම් බලාපොරොත්තුවෙන් සිටින බ්‍රිතාන්‍ය රෝගීන් ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහල්වල නීතිවිරෝධී ලෙස වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් වලට භාජනය වී ඇත. වෙනත් විදේශ රෝගීන් ලංකාවේ දායකයන් ගෙන් වකුගඩු තැරැව්කරුවන් හරහා මිලදී ගෙන තිබේ.

වකුගඩු හෝ ඕනෑම අවයවයක් විකිණීම ශ්‍රී ලංකාවේ නීති විරෝධී ය. නමුත් වකුගඩු මිලදී ගැනීම සහ බද්ධ කිරීම කිරීම රහසිගතව සිදු කෙරේ . කොළඹ පුද්ගලික රෝහල්වල වකුගඩු ඩොලර් දස දහස් ගණනකට අලෙවි වී තිබේ. වසර ගණනාවක් පුරා, ශ්‍රී ලංකාව අවයව, විශේෂයෙන් වකුගඩු සඳහා විශාලතම කළු වෙළඳපොල බවට පත්ව ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වල නීති විරෝධී වකුගඩු බද්ධ කිරීම් බොහොමයක් සිදු කෙරෙන බැවින් ශ්‍රී ලංකාවේ නීති විරෝධී වකගඩු වෙළඳ පොළ ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදයේ වකුගඩු ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට සමත්වී තිබේ. ඉන්දීය මාධ්‍යවේදී නිෂ්තා චුග් පවසන පරිදි කොළඹ පිහිටි පෞද්ගලික රෝහල් ඩොලර් 53,000 සිට ඩොලර් 122,000 දක්වා විදේශීය වකුගඩු ගැණුම්කරුවන් සඳහා පැකේජ ලබා දෙයි.

නීති විරෝධී වකුගඩු බද්ධ කිරීමේ ක්‍රියාවලිය එතරම් සංකීර්ණ නොවේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ වකුගඩු පරිත්‍යාගශීලියෙකු නොහොත් විකුණන්නෙකු, නෙෆ්‍රොලොජිස්ට්වරයෙකු හෙවත් වකුගඩු පිලිබඳ විශේසඥ වෛද්‍යවරයෙකු සහ දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරයකු පමණි. කුඩා ප්‍රමාණයේ සාමාන්‍ය ශල්‍යාගාරයක වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් පහසුවෙන් කල හැකිය. මානව අවයව හා පටක බද්ධ කිරීමේ පනත මගින් තම අවයව පරිත්යාග කරන පුද්ගලයින්ට ” ඥාතී සම්බන්ධයක් නැති රෝගීන්ට වකුගඩු පරිත්‍යාග කිරීමට ඉඩ සලසා දෙයි. ජාවාරම්කරුවෝ මෙම පනත උපයෝගී කර ගෙන ධනවත් වකුගඩු රෝගීන්ට නීරෝගී දායකයන් ගේ වකුගඩු විකුණති.

මිනිස් අවයව සඳහා නීති විරෝධී වෙළඳපොල පුළුල් වෙමින් පවතින බව යාපනය රෝහලෙන් මතුවූ වකුගඩු ජාවාරමෙන් පෙනී යයි යාපනය රෝහල කළු කඩ වෙළඳපොලේ වකුගඩු මිලදී ගැනීමේ වේදිකාවක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් , ධනවතුන්ට විකිණීම සඳහා යාපනයේ දුප්පත් දෙමළ තරුණයින්ගෙන් වකුගඩු මිලදී ගන්නා බව වාර්තා වේ. මෙම නීති විරෝධී ඉන්ද්‍රිය වෙළඳාමට දුර්වල සමාජ ආර්ථික කණ්ඩායම් ගොදුරු වී ඇත.
මෙම නීති විරෝධී ඉන්ද්‍රිය වෙළඳාම යාපනය සහ කොළඹ අතර පවතී. ශ්‍රී ලංකාව ආසියාවේ විශාලතම මිනිස් අවයව වෙළඳපොල බවට පත්වෙමින් තිබේ.

උතුරේ දුප්පත් දෙමළ තරුණ තරුණියන් තම වකුගඩු යාපනයේ තැරැව්කරුවන්ට විකුණන බව වාර්තා වේ. තැරැව්කරුවන් ඔවුන්ගේ වකුගඩු කළු වෙළඳපොලේ විකුණති. තැරැව්කරුවන් බොහෝ විට ඉලක්ක කරන්නේ අවුරුදු 20-30 ක් වයසැති දුම් නොබොන සෞඛ්‍ය සම්පන්න පිරිමි දායකයන් ය. වකුගඩු තැරැව්කරුට එක දායකයෙකු ගෙන් ඩොලර් 700 ක කොමිස් මුදලක් ලැබේ. වකුගඩුව මිලදී ගන්නා ධනවත් රෝගියා වකුගඩුවට රුපියල් මිලියන 4 කට ආසන්න මුදලක් ගෙවයි. මෙම වංචාව මෙහෙයවන වෛද්‍යවරුන්ට විශාල මුදලක් ගෙවනු ලැබේ. නෛතික බාධක මඟහරවා ගැනීම සඳහා ශල්‍යකර්ම සඳහා මානුෂීය අරමුණු සඳහා වකුගඩුව නොමිලේ බව පරිත්‍යාගශීලියා ප්‍රකාශ කරනු ඇත.

මෙම ක්‍රියාවලියේදී යාපනය රෝහලේ වකුගඩු පිල්බඳ විශේසඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි ප්‍රබල කාර්‍යක් ඉටු කරයි. ඔහු වකුගඩු තැරැව්කරුවන් සමග ගනුදෙනු කරයි. වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි යටතේ වකුගඩු පරිත්‍යාගශීලියා මූලික පරීක්ෂණවලට භාජනය වේ. ඔහුගේ වකුගඩු නීරෝගී බව වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි සනාත කිරීමෙන් පසුව , තැරැව්කරු ශල්‍යකර්ම සඳහා පරිත්‍යාගශීලියා කොළඹට ගෙන එයි. වකුගඩු ජාවාරම ඕස්ට්‍රේලියාව දක්වාද පැතිර තිබේ. වසර ගණනාවක් පුරා සරණාගතයින් තම වකුගඩු විකුණා ඕස්ට්‍රේලියාවට යාත්‍රා කිරීම සඳහා මුදල් සොයාගෙන තිබේ. ශ්‍රී ලංකා සරණාගතයින් 500 ක් පමණ පසුගිය වසර තුන තුළ සිය අවයව විකුණා ඇති බව ශ්‍රී ලංකා සරණාගත නීති නීතීඥ සැමුවෙල් චන්ද්‍රහාසන් පවසයි. ඔවුන්ගේ වකුගඩු ක්‍රියාකාරිත්වය තක්සේරු කරන ලද්දේ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි විසිනි.මේ වන විට වෛද්‍ය රංග මිගාර වීරක්කොඩිව යාපනය රෝහලේ සිට පොලොන්නරුව රෝහල දක්වා මාරු කොට ඇත. නමුත් ඔහු විසින් කාලයක් පුරා සිදු කල වකුගඩු ජාවාරම පිලිබඳව කිසිදු පරීක්‍ෂණයක් මෙතෙක් සිදු කොට නොමැත.

 

  • I would like to conduct further investigation regarding the news of illegal kidny transplant in Sri Lanka. Please contact me over my email.
    Prabath

leave a reply