Breaking News

ගාල්ලේ එන්නත් විදින්න පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල ටෝකන් බෙදයි

මේ වන විට බස්නාහිර පළාතෙන් පිට පළාත් සඳහා කොවිඩ් වැක්සීනය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීමත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ද කොවිඩ් වැක්සීනය එන්නත්කරණ වැඩසටහන ආරම්භවී වී ඇති අතර ආන්දෝලනයට තුඩුදී තිබෙනව ටෝකන් ක්‍රමය ගාල්ල දිස්ත්‍රික්කයේද ක්‍රියාත්මක කෙරෙන බවට තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල සඳහන් කරන්නේ ටෝකන් පත් හා ඔන්ලයින් ලියාපදිංචිය සමග ඉතා විදිමත් හා සාධාරණ අයුරින් ගාල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සිදුකෙරෙමින් පවතින බවයි.

ඒ අනුව එන්නත්කරණයේ දෙවන දිනය වූ ඊයේ (28) දිනයේ අදාළ ටෝකන් පත් හා ඔන්ලයින් ලියාපදිංචියට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලදාරී වසම් 5 ක 8000 කර ආසන්න පිරිසක් එන්නත්කර අවසන් කළ බවයි ඔහු සඳහන් කර ඇත.

ඔහු තම නිල facebook ගිණුමේ මුද්‍රිත ටෝකන්වල ඡායාරූප පවා ප්‍රදර්ශනය කර තිබේ.

එපමණක් නොව සම්පත් අතුකෝරාළ විසින් තම facebook ගිණුම හරහා මොරටුව නගරාධිපතිගේ ටෝකන් බෙදාහැරීම සාධාරණියකරණය කර ඇති ආකාරයද දැකිය හැක. ඔහු සඳහන් කරන ආකාරයට මොරටුව නගරාධිපතිවරයා ටෝකන් බෙදීම හරහා සිදුකර ඇත්තේ එන්නත්කරණ ක්‍රියාවලිය විධිමත් කිරීමයි. නැතිනම් බොහෝ ජනතාවක් අනවශ්‍ය ලෙස එක්රැස්වීම හරහා කලබලකාරී තත්ත්වයක්ද ඇතිවිය හැකිව තිබූ බව මන්ත්‍රීවරයා පවසා තිබේ. එසේම ජනතාවට පැය ගණන් පෝලිම්වල බලා සිටීම ඒ හරහා වැළකුණු බවද ඔහු පවසයි.

පසුගියදා මොරටුව නගරාධිපතිවරයා එන්නත්කරණ මධ්‍යස්ථානයක් වෙත පැමිණ එහි සිටි වෛද්‍යවරුන්ට බලකර සිටියේ ටෝකන් ක්‍රමයට එන්නත්කරණය සිදු නොකරන්නේ නම් පිටව යන ලෙසයි. එසේම ඔහු සඳහන් කර තිබුණේ ටෝකන් ලබාදීමේ වැඩසටහනක් ඇති බවත් එදින ජොන්ස්ටන් ඇමතිවරයා කුරුණෑගල එන්නත් වැඩසටහන සිදු කළේ ද එම ක්‍රමවේදයට බවයි.

කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී සෞඛ්‍ය විශේෂඥන්ගේ උපදෙස් නොතකා දේශපාලනඥයින් සහ හමුදාව පමණක් තීරණ ගැනීම දිගින් දිගටම දක්නට ලැබුණු තත්ත්වයකි. මෙම තත්ත්වය එන්නත්කරණ ක්‍රියාවලියේදී ද එක ලෙස දක්නට ලැබේ. එන්නත් ලබාදෙන දින ලබාදෙන ක්‍රමවේදය ලබාදීමේ ප්‍රමුඛතා ගැන තීරණය කරමින් සිටින්නේ ජනාධිපති සහ ඇමැතිවරුයි. ඒ අතර ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලනඥයින් එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා මැදිහත්වෙමින් එය තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ උපක්‍රමයක් ලෙස පාවිච්චි කරමින් සිටියි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

leave a reply