ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙමළ පොතටත් දෙවන සැලකිලි

මම පොඩි කාලේ ඉඳන්ම මගේ නංගිලා, යාළුවෝ සහ මම BMICH කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යනවා. ඒක පොත් ලෝලීන්ට හැම අවුරුද්දෙම වගේ උද්යෝගිමත් සිදුවීමක්. කෙසේ වෙතත්, දෙමළ පොත් කුටි මෙතරම් අඩු ඇයි කියලා මම කල්පනා කළා. මම නිතරම හිතුවෙ ලංකාවේ දෙමළ ප්‍රකාශකයින්/පොත් අලෙවිකරුවන් එතරම් නැහැ කියලා.

මෑතකදී මගේ මිතුරා මොහොමඩ් සබ්රි මට කතා කරලා කිව්වා, BMICH පොත් ප්‍රදර්ශනයේ පසුගිය වසර කිහිපය තුළ ඔහුගේ ප්‍රකාශන සමාගමට කුටියක් ලබා ගැනීමට ඔහු උත්සාහ කරමින් සිටින බව. අවාසනාවකට මෙන්, BMICH පොත් ප්‍රදර්ශන සංවිධායක මණ්ඩලය ඔවුන්ට කුටියක් ලබා දෙන බවට සැමවිටම පොරොන්දු වුවත් අවසාන මොහොතේ ඔවුන්ට ස්ථානයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බව ඔහු පැවසීය. එහි ප්‍රතිඵලයක් ලෙස, ආසන්න වශයෙන් කුටි 100 න් කුටි 3 ක් පමණක් දෙමළ ප්‍රකාශකයින්ට ලබා දී ඇත.

අපේ රටේ රාජ්‍ය විසින් සහ BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සංවිධායකයින් වන පෞද්ගලික ක්‍රියාකාරීන්
විසින් දෙමළ භාෂාව තවමත් නොසලකාහරිමින් සහ කොන් කර ඇත. කියවීම සහ දැනුම ප්‍රවර්ධනය කරන බව පවසන පුද්ගලයින් විවිධ සංස්කෘතීන් සහ භාෂාවලින් යුත් ජනතාව එක්රැස් වන පොත් ප්‍රදර්ශනයක් තුළ පවා වෙනස්කොට සැලකීමේ දේශපාලනය කිරීම කොතරම් ලැජ්ජාවට කරුණක්ද?

Swasthika Arulingam

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...