ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙමළ පොතටත් දෙවන සැලකිලි

මම පොඩි කාලේ ඉඳන්ම මගේ නංගිලා, යාළුවෝ සහ මම BMICH කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යනවා. ඒක පොත් ලෝලීන්ට හැම අවුරුද්දෙම වගේ උද්යෝගිමත් සිදුවීමක්. කෙසේ වෙතත්, දෙමළ පොත් කුටි මෙතරම් අඩු ඇයි කියලා මම කල්පනා කළා. මම නිතරම හිතුවෙ ලංකාවේ දෙමළ ප්‍රකාශකයින්/පොත් අලෙවිකරුවන් එතරම් නැහැ කියලා.

මෑතකදී මගේ මිතුරා මොහොමඩ් සබ්රි මට කතා කරලා කිව්වා, BMICH පොත් ප්‍රදර්ශනයේ පසුගිය වසර කිහිපය තුළ ඔහුගේ ප්‍රකාශන සමාගමට කුටියක් ලබා ගැනීමට ඔහු උත්සාහ කරමින් සිටින බව. අවාසනාවකට මෙන්, BMICH පොත් ප්‍රදර්ශන සංවිධායක මණ්ඩලය ඔවුන්ට කුටියක් ලබා දෙන බවට සැමවිටම පොරොන්දු වුවත් අවසාන මොහොතේ ඔවුන්ට ස්ථානයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බව ඔහු පැවසීය. එහි ප්‍රතිඵලයක් ලෙස, ආසන්න වශයෙන් කුටි 100 න් කුටි 3 ක් පමණක් දෙමළ ප්‍රකාශකයින්ට ලබා දී ඇත.

අපේ රටේ රාජ්‍ය විසින් සහ BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සංවිධායකයින් වන පෞද්ගලික ක්‍රියාකාරීන්
විසින් දෙමළ භාෂාව තවමත් නොසලකාහරිමින් සහ කොන් කර ඇත. කියවීම සහ දැනුම ප්‍රවර්ධනය කරන බව පවසන පුද්ගලයින් විවිධ සංස්කෘතීන් සහ භාෂාවලින් යුත් ජනතාව එක්රැස් වන පොත් ප්‍රදර්ශනයක් තුළ පවා වෙනස්කොට සැලකීමේ දේශපාලනය කිරීම කොතරම් ලැජ්ජාවට කරුණක්ද?

Swasthika Arulingam

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...