චාමර සම්පත්ව  බේර ගන්න රනිල් මාධ්‍ය හමුවේ බොරු කියලා 

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද මැයි මාසෙ 16 වෙනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබුණා . චාමර සම්පත්ට එරෙහි පැමිණිල්ල ලද විභාගයට ගනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ ය .

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී විශේෂ කරුණක්  හෙළිදරව් වුනා.  ඒ තමයි  චාමර සම්පත් වෙනුවෙන් පෙනී සිටිමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය බොරු බව.

එහිදී අනාවරණය වුණේ රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්  පළාත් සභාවල පවතින ස්ථාවර තැන්පතු කල් පිරීමට පෙර ඉවත් කර ගැනීම සඳහා 2015 වසරේ තමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ භාණ්ඩාගාරය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ බවත්, එම චක්‍රලේඛයට අනුව චාමර සම්පත් දසනායක මහතා විසින් කළ ක්‍රියාවක් නීති විරෝධී එකක් නොවන බව  ට කළ සඳහන බොරුවක් බව ඔප්පු වීමයි.

රනිල් වික්‍රමසිංහ  එදා මාධ්‍ය හමුවේ නිකුත් කළා යැයි කියන චක්‍රලේඛය නිකුත් කර තිබුණේ 2016 වසරේ නොවැම්බර් මස 22 වනදා ය , චාමර සම්පත් දසනායක විසින් අදාළ මුදල් ඉවත් කර ගැනීම සිදුකර තිබුණේ 2016 වසරේ පෙබරවාරි මස 29වනදා  වන අතර එය රනිල්ගේ චක්‍රලේඛයට මාස නවයකට පෙරය.

පසුගිය දා රනිල් වික්‍රමසිංහව අල්ලස් කොමිසම වෙත කැඳවූ අවස්ථාවේදී ඔහු අනාවරණය කර තිබුණේ චාමර සම්පත් ගේ බිරිඳගේ උවමනාව මත තමන් මාධ්‍ය හමුවක් කැඳවා එම ප්‍රකාශ නිකුත් කළ බවයි.

මේ සියලු කරුණු අනාවරණය කරමින් අල්ලස් කොමිසම පෙනී සිටියි නිලධාරීන් ඉල්ලා සිටියේ තවදුරටත් මෙම පරීක්ෂණ සිදුවෙමින් පවතින නිසා චාමර සම්පත්ගෙන් වලට විය හැකි බලපෑම අවම කර ගැනීම සඳහා ඔහුව නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...