ගැබිණි මව්වරුන් 184කට කොවිඩ්, මාතෘ මරණ අඩුකර ගැනීමට නම් කඩිනමින් එන්නත ලබාදිය යුතුයි – සෞඛ්‍ය අංශ කියයි

කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන් 184 දෙනකු මේ වන විට රෝහල්ගතව සිටින බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පවසයි.

ඔවුන්ගෙන් දෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් කළුබෝවිල සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල්වල දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍යවරයා සඳහන් කර ඇත. එමෙන්ම ගර්භනී මවුවරුන් කොවිඩ් රෝගයට බියේ වෙනත් රෝග සඳහා ද වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි යොමුවීමෙන් වැළකී සිටින බව කී වෛද්‍යවරයා එවැනි මවුවරුන් දෙදෙනෙක් මේ වන විට මියගොස් ඇතැයි ද කියයි

මීට දින කිහිපයකට ඉහතදී ඉන් එක් මවක් මියගොස් ඇත්තේ අධික රුධිර පීඩනයෙන් වන අතර ඇය නිවුන් දරුවන් ප්‍රසූත කිරීමට සූදානමින් සිට ඇතැයි කී වෛද්‍යවරයා ඊට පෙර කොවිඩ් දෙවැනි රැල්ලේ දී ගොතටුව ප්‍රදේශයේ ගර්භනී කාන්තාවක් දිගින් දිගටම සිදුවූ වමනය හේතුවෙන් විජලනය වී මියගිය බව ද පවසා තිබේ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපතිවරයා පවසන්නේ කොවිඩ් ආසාදිත වී සිදුවන මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගර්භනී මවුවරුන්ට එන්නත් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බවයි.

එන්නත්කරණය මගින් කොවිඩ් ආසාදිත වී අසාධ්‍ය වන මවුවරුන් සංඛ්‍යාව මෙන්ම මියයන සංඛ්‍යාව ද අඩුවනු ඇතැයි වෛද්‍යවරයා සඳහන් කර ඇත.

වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මේ බව පැවසුවේ කොළඹ 08, මොඩල් පාම් පාරේ පිහිටි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ දී අද(18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එන්නත්කරණයට අවසර ලැබීම මෙන්ම ක්‍රියාත්මක කිරීමත් කඩිනමින් සිදුවිය යුතු බව කී සභාපතිවරයා ගැබිණි මවුවරුන් විශේෂිත කොටසක් සේ සළකා අවම වශයෙන් එන්නත් මාත්‍රා 50,000ක් වෙන්කර සති 28ට වැඩි මවුවරුන් 25,000ක් හෝ එන්නත් කළ යුතුව ඇතැයි ද සඳහන් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...