ගැබිණි මව්වරුන් 184කට කොවිඩ්, මාතෘ මරණ අඩුකර ගැනීමට නම් කඩිනමින් එන්නත ලබාදිය යුතුයි – සෞඛ්‍ය අංශ කියයි

කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන් 184 දෙනකු මේ වන විට රෝහල්ගතව සිටින බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පවසයි.

ඔවුන්ගෙන් දෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් කළුබෝවිල සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල්වල දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍යවරයා සඳහන් කර ඇත. එමෙන්ම ගර්භනී මවුවරුන් කොවිඩ් රෝගයට බියේ වෙනත් රෝග සඳහා ද වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි යොමුවීමෙන් වැළකී සිටින බව කී වෛද්‍යවරයා එවැනි මවුවරුන් දෙදෙනෙක් මේ වන විට මියගොස් ඇතැයි ද කියයි

මීට දින කිහිපයකට ඉහතදී ඉන් එක් මවක් මියගොස් ඇත්තේ අධික රුධිර පීඩනයෙන් වන අතර ඇය නිවුන් දරුවන් ප්‍රසූත කිරීමට සූදානමින් සිට ඇතැයි කී වෛද්‍යවරයා ඊට පෙර කොවිඩ් දෙවැනි රැල්ලේ දී ගොතටුව ප්‍රදේශයේ ගර්භනී කාන්තාවක් දිගින් දිගටම සිදුවූ වමනය හේතුවෙන් විජලනය වී මියගිය බව ද පවසා තිබේ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපතිවරයා පවසන්නේ කොවිඩ් ආසාදිත වී සිදුවන මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගර්භනී මවුවරුන්ට එන්නත් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බවයි.

එන්නත්කරණය මගින් කොවිඩ් ආසාදිත වී අසාධ්‍ය වන මවුවරුන් සංඛ්‍යාව මෙන්ම මියයන සංඛ්‍යාව ද අඩුවනු ඇතැයි වෛද්‍යවරයා සඳහන් කර ඇත.

වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මේ බව පැවසුවේ කොළඹ 08, මොඩල් පාම් පාරේ පිහිටි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ දී අද(18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එන්නත්කරණයට අවසර ලැබීම මෙන්ම ක්‍රියාත්මක කිරීමත් කඩිනමින් සිදුවිය යුතු බව කී සභාපතිවරයා ගැබිණි මවුවරුන් විශේෂිත කොටසක් සේ සළකා අවම වශයෙන් එන්නත් මාත්‍රා 50,000ක් වෙන්කර සති 28ට වැඩි මවුවරුන් 25,000ක් හෝ එන්නත් කළ යුතුව ඇතැයි ද සඳහන් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...