මේ තරම් ආර්ථික ව්‍යසනයක් තියෙද්දී ස්වෛරී බැඳුම්කර ගෙවන්න තිබ්බ හදිස්සිය ගැන සැකයි – දුමින්ද නාගමුව

ස්වෛරී බැඳුම්කර සඳහා ජනවාරි 18 වැනිදාට ඩොලර් මිලියන 500ක් ගෙව්වා කියා රට රේටින්වලින් පල්ලෙහාට යෑම නතර වෙන්නේ නැතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඊයේ (13 දා) පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ එසේ මුදල් ගෙවනවා කියන එකම බරපතළ සැකයක් මතු කරන බවයි.

දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසුවේ,

“මේ අවුරුද්දට බැඳුම්කර දෙකක් ගෙවන්න තිබෙනවා. ජනවාරි 18 වැනිදා මිලියන 500ක් සහ ජුලි මාසයේ විසිපස් වැනිදා ඩොලර් බිලියනයක් ගෙවන්න තිබෙනවා. ද්විතීක වෙළෙඳපොළේ මේ විකුණනු ස්වෛරී බැඳුම්කර මිලදී ගෙන තිබෙන්නේ කවුද, පසුගිය නොවැම්බර් දෙසැම්බර් වෙනකොට මේ රට බංකොළොත් වෙනවා. මේකට ගෙවාගන්න බැරි වෙයි… කියලා රේටීන් සමාගම් වලින් වාර්තා එළියට ආවහම 50% කින් කඩා වැටුණා. අද වෙනකොට මේක අතින් අත ගිහිල්ලා මිලදී අරගෙන තියෙන්නේ කවුද.

මේ මිලියන 500 මේ වෙනකොට විකිණිලා තියෙන්නේ මිලියන 250කට. එතකොට මිලියන 250 ක ලාභයක් තියෙනවා.
මේකෙන් ඔවුන්ට ලැබෙන ලාභය 1422ක් වෙනවා. අපි සැක කරනවා ද්විතීක වෙළෙඳපොළේ මේක හුවමාරුවේදී ලංකාවේ කවුරුහරි සම්බන්ධයි කියලා.
මෙයාලා මේක ස්ථිර කරලම කියනවනම් මේක කැරකිලා යන්නේ මේගොල්ලන්ගේ අත්වලටම තමයි. මෙච්චර ප්‍රශ්නයක් තියෙද්දි හදිසියේම ගෙවන්න හේතුවක් නැහැ.

මේ රටේ ජනතාව පාරවල්වල පෝලිම්වල ඉද්දි තව කට්ටියක් මේක තමන්ගේ ආදායම උපයා ගන්න පුළුවන් මොහොත බවට පත්වෙලා. එයාලා ඉහගෙන කන්න පටන් අරගෙන. අපි ඉතාම පැහැදිලිව ප්‍රශ්න කරනවා

මේ තරම් ආර්ථික ව්‍යසනයක් තියෙද්දි පොහොර ගේන්න ඩොලර් මිලියන දෙසිය විස්සක් නැති වුණා නම්, කිරිපිටි ගේන්න නැති වුණා නම්, කොහෙන්ද මෙයාලට මිලියන 500ක් මේ කාගේ හරි කටකට දාන්ත කියලා.

ආණ්ඩුවට මේ බැඳුම්කර ගෙවීම සඳහා කල් ගත්ත නැති නම් ඩොලර් 250ට විකිණෙන වෙලාවේ මහ බැංකුවට මේවා මිලදි ගන්න තිබුණා. මොළ හතක් තියෙනවා කිව්ව කට්ටියට ඇයි මේක කරගන්න බැරි වුණේ.
මේක ගෙව්වා කියලා ලංකාව රේටින් වලින් පහත වැටීම නතර වෙන්නේ නැහැ. මේක ගෙව්වට පස්සේ කොහොමත් පහත වැටෙනවා. රුපියල පා කරන්නේ නැහැ කියලා කයිවාරු ගැහුවට නොබෝ දිනකින් ආණ්ඩුව මේක කරනවා.

අපේ ඩොලර් සංචිත වලින් රත්තරන් අයිත් කළහම බිලියන 1.1 යි තියෙන්නේ.”

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...