කල්ලඩි දළ කොටා  සහ තවත්  සද්දන්ත පැටවකු අද මිය යයි

තවත් සද්දන්තයෝ දෙදෙනෙක්ගේ නික්මයෑම පිළිබඳවද වාර්තා වෙනවා. මේ අකාලයේ මියගිය සද්දන්තයන් දෙදෙනාගෙන් එකෙකු වන්නේ කල්ලඩි දළ කොටා  නමින් හඳුන්වන හොරොව්පතාන එළිමහන් අලි කඳවුරේ  රඳවා සිටි ඇතාය . වාර්තා වන පරිදි මේ සතා මිය යන්නේ කුසගින්නේ සිටීම හේතුවෙන් ඇතිවුණු පෝෂණ ඌනතාවය නිසා ය. මෙම සතාගේ මරණය වාර්තා වන්නේ 2021 ජුලි 18 වනදායි . එවගේම මේ සතා ගේ මරණයත් සමගම හොරොව්පතාන එළිමහන් අලි කදවුර පිළිබඳව විවාදාත්මක මත පළවෙමින් පවතී.මෙය පළමු මරණය නොවන බවත් මීට ප්‍රථම ද මෙවැනි සතුන්ගේ මරණ සිදු වී ඇති බවත් චෝදනා නැගෙනවා.

මේ පිළිබඳව සටහනක් තබමින් පරිසරවේදී සුපුන් ළහිරු ප්‍රකාශ් පවසා තිබුණේ හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය නමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන හස්ති වධකාගාරයෙන් අලි සංරක්ෂණයට සහ අලි – මිනිස් ගැටුම් කළමනාකරණයට කිසිඳු ප්‍රයෝජනයක්  සිදු නොවෙන බවයි.  මේ පිළිබඳව විවර කළ විමසුමකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ  එළිමහන් අලි රැඳවුම් මධ්‍යස්ථාන මිත්‍යාව ශ්‍රී ලංකාවේ අලි ඇතුන් බිලි ගැනීම හොරොව්පතානෙන් අවසන්  වෙන්නේ නැති බවත්  හොරෝපතාන අලි වධකාගාරය හා සමානම තවත් අලි වධකාගාරයක්  ලුණුගම්වෙහෙරේත් අලුතෙන්  ඉදිවෙමින් පවතින  බවයි. අලි වැටවල් නිර්මාණය කිරීම , අලි රැඳවුම් මධ්‍යස්ථාන තුළින් අලි මිනිස් ගැටුම වලකාලීමට නොහැකි වෙන බව පවසන  ඔහු වැඩිදුරටත් කියා සිටියේ  මේ හරහා සිදුවන්නේ තවදුරටත් මේ අලි ඇතුන්ගේ මරණය සිදුවීම ඉක්මන් වන බවයි . මේ ගෙවුන  කාලය සලකා බලන විට සාමාන්‍යයෙන් එක් දිනකට  එක් දැවැන්තයෙක් මිය යන බවත්  අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් මිනිසුන් දෙදෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන බවත් ඔහුගේ අදහසයි.

මේ අතර මහව දළදාගම උල්ලලපොල දී අද උදෑසන  (2021 ජූලි 19)   තවත් අලි පැටවකු මිය යනවා.  මේ අලි පැටවාගේ මරණයට හේතුව වන්නේ හක්ක පටස් ආහාරයට ගැනීමේ දී පුපුරා යාමයි. ශේෂයෙන්ම මේ සතා පිළිබඳව මීට මාස තුනකට ඉහතදි සමාජ මාධ්‍ය ජාලා තුළ විශාල කතාබහක් ඇති වුණා  මේ සතා  පාර හරහා මාරු වන අවස්ථාවේදී කිසිදු තැකීමකින් තොරව අධිවේගයෙන්  ගමන් කළ ප්‍රභූ වාහනයකට  හැප්පෙන්න යෑමේ සිද්ධිය.  කෙසේ වෙතත් එහිදී අනූනවයෙන් බේරුණු එම සතා ඊට මාස තුනකට පසුව අද දිනයේ දී මෙසේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තම ජීවිතයෙන් වන්දි ගෙවනු ලැබූවා .

 

කල්ලඩි දළ කොටා
මහව දළදාගම උල්ලලපොල දී මිය ගිය ඇත් පැටවා

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...