පැලැස්තර විසඳුමක් පෙන්වා ආණ්ඩුව බේරගන්න සැලැස්මක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (03) හෝ හෙට (04) ඉල්ලා අස්වී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ වෙනත් කෙනකු අගමැති කර අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් පත් කරන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කළ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් පළ වී ඇතැයි විමල් වීරවංශ ද සඳහන් කර තිබුණි.

විමල් වීරවංශ පවසා තිබුණේ, තමන් උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් සමග ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමු වී මේ පිළිබඳව සාකච්ඡා කළ බවය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ, ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා භාරකාර ආණ්ඩුවක් යටතේ ඉදිරියේදී රට පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

ඉදිරි සතිය තුළ එම වැඩපිලිවෙළ ඉටු නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 14දෙනා ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවද නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...