පැලැස්තර විසඳුමක් පෙන්වා ආණ්ඩුව බේරගන්න සැලැස්මක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (03) හෝ හෙට (04) ඉල්ලා අස්වී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ වෙනත් කෙනකු අගමැති කර අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් පත් කරන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කළ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් පළ වී ඇතැයි විමල් වීරවංශ ද සඳහන් කර තිබුණි.

විමල් වීරවංශ පවසා තිබුණේ, තමන් උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් සමග ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමු වී මේ පිළිබඳව සාකච්ඡා කළ බවය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ, ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා භාරකාර ආණ්ඩුවක් යටතේ ඉදිරියේදී රට පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

ඉදිරි සතිය තුළ එම වැඩපිලිවෙළ ඉටු නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 14දෙනා ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවද නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...