කොවිඩ් නව ව්‍යාප්තිය ‘අලුත් අවුරුදු පොකුර’ ලෙස නම් කරයි

ආණ්ඩුව විසින් අළුත් අවුරුදු කොවිඩ් -19 පොකුර නමින් නව කොවිඩ් පොකුරක් නම් කර තිබේ. ඊයේ දිනයේ නිල වශයෙන් මෙම නම් කිරීම සිදුකර ඇත.

මෙමඟින් පෙලියගොඩ පොකුර අවසන් වූ අතර ඊයේ වන තෙක් එම පොකුරේ රෝගීන් 90,000 කට වඩා වාර්තා වී තිබුණි.

මේ අතර ඊයේ දිනය තුළ සිදුකළ PCR පරීක්ෂණ ගණන 27104ක් බව වාර්තා වේ.

එමගින් මෙරට වාර්තා වූ ආසාදිතයින් ගණන 1531කි.

ඒ අනුව පරීක්ෂණ / ආසාදිත අනුපාතය දැක්වෙන්නේ 17.7 ක් ලෙස බව Istitute For Health Policy නම් දත්ත විශ්ලේශන ආයතනය පෙන්වා දෙයි.

මෙම දත්ත වලට අනුව සිදුකළ සෑම PCR පරීක්ෂණ 18 කටම එක් ආසාදිත පුද්ගලයෙකු වාර්තා වනබව නිගමනය කෙරේ.

එසේම මේ දිනවල මෙරට පැතිර යන කොවිඩ් ප්‍රභේදයට මීටර් දෙකක පුද්ගල දුරස්ථභාවයක් පවත්වාගතයුතු බව ශ්‍රීලංකා වෛද්‍ය සංගමයේ විශේෂඳ වෛද්‍ය පද්මා ගුණරත්න පවසා ඇත.

මෙතෙක් කොවිඩ් ව්‍යාප්තිය පාලනයට නිර්දේශ කර තිබුණේ මීටරයක දුරකි.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...